පුතාගේ වාහනයට යටවී අනපේක්ෂිත ලෙස මි යගිය කොළඹ සරසවි ඇදුරුතුමිය
කොහුවල, සුමනාරාම මාර්ගයේ පිහිටි නිවසේදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය (59) ඊයේ දින (මාර්තු 07) අභාවප්‍රාප්ත වී ඇත.
පොලීසිය විසින් නිකුත් කළ නිවේදනයට අනුව, සිය පුත්‍රයාට අයත් මෝටර් රථය පණ ගැන්වීමට නොහැකි වීම හේතුවෙන් එහි ඉදිරිපස රෝදයට තබා තිබූ ගලක් ඉවත් කිරීමට ආචාර්ය ජයවර්ධන මහත්මිය සහ පුත්‍රයාගේ බිරිඳ ඊයේ දහවල් උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී, බෑවුම් සහිත ස්ථානයක නතර කර තිබූ රථය හදිසියේ ඉදිරියට ගමන් කිරීමත් සමඟ ආචාර්ය ජයවර්ධන මහත්මිය එම වාහනයට යටවී තිබේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය කඩිනමින් කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලද නමුත්, රෝහලට ඇතුළත් කිරීමේදීම මියගොස් ඇති බව පොලීසිය තහවුරු කර ඇත.
ගල ඉවත් කරන අවස්ථාවට ඇය සහ ඇගේ ලේලිය දෙන්නාම සහභාගීවී ඇති අතර වාහනය පහතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කර නැත. වාහනය පහතට එනු දුටු ලේලිය වහා ඉවත් වූවද ඇයට ඉවත්වන්නට හැකියාව ලැබී නැත.
සිද්ධිය අවස්ථාවේ වහනයේ සිටි ආචාර්යවරියගේ පුතු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය, විශේෂයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන රැසක් සිදු කර ඇති විද්වතෙකි. ඇය එක්සත් රාජධානියේ යෝර්ක් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගෙන ඇත.
ආචාර්ය ජානකී ජයවර්ධන කොළඹ සරසවියේ ඉතිහාස අංශ ප්‍රධානී ලෙස කලක් කටයුතු කර ඇති අතර ආචාර්ය සංගමයේ ලේකම්වරිය ලෙසද කලක් කටයුතු කර ඇත.
ආචාර්ය ජයවර්ධන මහත්මියගේ අකල් මරණය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය ගැඹුරු ශෝකය පළ කර ඇති අතර, ඇගේ දායකත්වය ශ්‍රී ලංකාවේ ඉතිහාස අධ්‍යයන ක්ෂේත්රයට අගනා මෙහෙවරක් වූ බව සඳහන් කර තිබේ.
මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොහුවල පොලීසිය මගින් සිදු කරමින් පවතී.
gossip lanka news