ශ්‍රී ලන්කන් යානයක ගුවන් සේවිකාවකට ලිං ගික අතවර
2025.03.11 වන දින රාත්‍රී කාලයේ ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 144 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි විදේශීය ජාතිකයෙක් විසින් ශ්‍රී ලංකා ගුවන් සීමාව තුලදී ගුවන් යානය තුල බීමත්ව අශෝබන ලෙස හැරසිරෙමින් ගුවන් සේවිකාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් ගුවන්තොටුපල පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව විර්මශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව අපරාධයට සම්බන්ධ සැකකරු ගුවන්තොටුපල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරු මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබාගැනිමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65 ක් වන ස්වීඩන් ජාතිකයෙකි.
සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප 2ක් මත මෙලෙස මුදාහැර ඇත.
එමෙන් ම, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කර ඇති අතර අප්‍රේල් 21 වන දා මෙම නඩුව නැවත කැදවීමට අධිකරණය දින නියම කළේ ය.
lanka c news