මෙහෙම කෙරුවට වඩා හොදයි මචං මාව හොයන් ඇවිල්ලා ගැ හුවනම්.
ඊයේ දිනයේ මැදිරිගිරිය සිදූවිමෙන් පසුව ඇවටර් සංගීත කණ්ඩායමේ ඩ්රමස් වාදකයා මෙසේ ෆේස්බුක් සටහනක් පළ කර තිබුනා.
මෙහෙම කෙරුවට වඩා හොඳයි මචං මාව හොයන් ඇවිල්ලා ගැහුවනම්.! නිදිමාරෙගෙන දාඩිය දාගෙන උබලට ආතල් එකක් සතුටක් දෙනවටද මෙහෙම කරේ.? මේක උඹලට නිකන් දකින දෙයක් උනාට මේක මට මගෙ ජීවිතෙ කොටසක් 😔💔 සංවිදායක මංඩලෙ වැරැද්දට අපි පලි නෑ මචං, පට්ටම දුකයි මෙහෙම කරන්න එපා තව මිනිහෙක් හම්බ කරන් කන කිසිම දේකට 🙏🏽
මේකට මෙහෙම කරපු කෙනාට සිහියක් තිබ්බනම් ඒ වෙලාවෙ අනේ මචං මට උඹට ඒ වෙලාවෙ තිබ්බ හයිය ගැම්ම දැන් තියනවනම් මේ Post එක දකිනවනම් හිඟුරක්ගොඩ මැදිරිගිරිය දිවුලන්කඩවල කට්ටිය, මේ දේ කරපු කෙනාට කියන්න, ඒ තිබ්බ ගැන්මෙන්ම උදේට නැගිට්ටම මට inbox msg එකක් දාන්න කියලා ☺️
මේකෙ වටිනාකම ගැන පැහැදිලි කරල මිල කීයද කියලා කියන්න 🙂