පියා විසින් ධාවනය කළ ටිපර් රථයට දියණිය යටවෙයි
කිලිනොච්චිය, අම්බාල්කුලම් ප්රදේශයේ නිවසක් ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ටිපර් රථයකට යටවී වයස අවුරුදු එකහමාරක දැරියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
සිය පියා විසින් ධාවනය කළ ටිපර් රථයේ ඉදිරිපස රෝදයට සිරවී මෙම අවාසනාවන්ත මරණයට දැරිය මුහුණපා ඇත.
මෙම සිදුවීම ඊයේ (18) ප.ව. 5:15ට පමණ සිදුව ඇති අතර මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
කිලිනොච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.