ප්රදේශ කිහිපයක් සඳහා අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ
පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත, ප්රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, අනතුරු ඇඟවීමේ මට්ටම 2 සඳහා ‘අවදානයෙන් සිටින්න (ඇම්බර්)’ තත්ත්වය යටතේ කෑගල්ල දිස්ත්රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල යන ප්රදේශවලට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම අනතුරු ඇඟවීමේ මට්ටම 1 සඳහා ‘විමසිලිමත් වන්න (කහ)’ යටතේ ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ලටත්, මහනුවර දිස්ත්රික්කයේ හාරිස්පත්තුව, දෙල්තොට යන ප්රදේශවලටත්, කෑගල්ල දිස්ත්රික්කයේ දෙහිඹ්විට, බුලත්කොහුපිටිය යන ප්රදේශවලටත් නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඉහත මට්ටම යටතේම, කුරුණෑගල දිස්ත්රික්කයේ රිදීගම, මාවතගම යන ප්රදේශවලටත්, මාතලේ දිස්ත්රික්කයේ අඹන්ගග කෝරළයටත්, මාතර දිස්ත්රික්කයේ වැලිපිටිය, කොටපල හා පස්ගොඩ යන ප්රදේශවලටත් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.
මෙම නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන අද ප.ව. 7.30 දක්වා වලංගු වන ලෙසට නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.