නව ආණ්ඩුවේ රටම බලා සිටි අගමැති මෙන්න.
දේශපාලන තොරතුරු අනුව, දහවන පාර්ලිමේන්තුවේ කථානායක ධුරය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මැතිතුමා තෝරාගැනීමට නියමිතය. කෙසේ වෙතත් මෙම පත්කිරීම තවම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.
ජාතික ජන බලවේගයේ මැතිවරණයට තරග නොකළ ඔහු ජාතික ලැයිස්තුව ඔස්සේ මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතව සිටී.
පාර්ලිමේන්තු කටයුතු හා සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු දැනුමක් හා පළපුරුද්දක් ඇති මෙතුමා, 2001 දී ජනතා විමුක්ති පෙරමුණ යටතේ පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව, ඉන්පසු තවත් වාර තුනක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත.
වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2004-2005 කාලයේ කෘෂිකර්ම, ඉඩම් හා වාරිමාර්ග ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ, බිමල් රත්නායක මහතා එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරීය.
තවද, විදේශීය දේශපාලන පක්ෂ හා රාජ්‍ය තාන්ත්‍රිකයින් සමඟ දිගු කලක් සම්බන්ධතා පවත්වමින් පක්ෂයේ කටයුතු වෙනුවෙන් කැපවූ, එවැනි විශේෂ අත්දැකීම් සපිරි දේශපාලනඥයෙකි.
නව රජයේ අගමැති ලෙස හරිනි අමරසූරිය මෙනවිය වෙනසක් නොකර පත් කිරීමට තීන්දු වී ඇති බවද වාර්තා වේ.
මහමැතිවරණ ජයග්රහණයෙන් පසු ඊයේ රාත්‍රී පැවැත්වී ඇති ජාතික ජන බලවේගයේ විශේෂ සාකච්ඡාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
එමෙන්ම නව රජයේ ඇමැති මණ්ඩලය සදුදා (18) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
10 වැනි පාර්ලිමේන්තුවේ අභිනව සභා වාරය ලබන 21 වැනිදා පැවැත්වෙයි.
එදින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කොට ඇති බවද දැනගන්නට තිබේ. එදින පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් පැවරෙන්නේ, පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙතයි.
පළමු සභා වාරයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදුවන්නේ නැත.
ඒ අනුව රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකි ය.
සභාවේ කටයුතු ආරම්භ වන්නේ, සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් අනතුරුවයි.
පළමුව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුවෙයි.
පළමුව කතානායකවරයා දිවුරුම් දීම පාර්ලිමේන්තු සම්ප්රදායකි.
මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදුවන්නේ, ඉන් අනතුරුවයි.
නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති තෝරා පත්කර ගැනෙන්නේ, පාර්ලිමේන්තු ඡන්දයෙන් ය.