රටම බලා සිටි විදුලි බිලට රජය ගත් තීරණය.
මේ වසරේදී විදුලි ගාස්තු අඩු වෙන්නෑ..
මෙම වසර තුළ විදුලි ගාස්තු සංශෝධනයක් යළි සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
එහි අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා දුන් කාලය දීර්ඝ කරන්නැයි දිගින් දිගටම කරන ඉල්ලීම් මත මෙම තත්ත්වය උදාවී ඇති බවය.
ගාස්තු සංශෝධන යෝජනාව ලබාදීමට තවත් සති දෙකක කාලයක් විදුලි බල මණ්ඩලය ඉල්ලා ඇත.
ඒ හේතුවෙන් මෙම වසරේදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ප්රමාණවත් කාලයක් නැති බවද හෙතෙම පැවසීය.