ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවධානමක
මේ අවුරුද්දේ ගම්පහ දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 500කට වැඩිය හම්බ වෙලා, ඒකෙන් 35 දෙනෙක් මිය ගිහින්. පහුගිය මාස තුනේ විතරක් ගම්පහ රෝහලේදී මී උණ රෝගීන් 9 දෙනෙක් මැරිලා. මේ මිනිස්සු සතියකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකවල හිටියා.
ගම්පහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ මහත්තයා කියනවා මේක වසංගතයක් වෙන්න පුළුවන් කියලා. මේක වළක්වගන්න පුළුවන් රෝගයක් කියලත් එයා කිව්වා.
මී උණ හැදෙන්නේ කොහොමද?
– වැසි කාලෙට, විශේෂයෙන් ගංවතුර තියෙන වෙලාවට මේක වැඩිපුර පැතිරෙනවා
– ආසාදිත සතුන්ගේ මුත්‍රා, ලේ වගේ දේවල් ඇඟට වැදිලා
– දූෂිත වුණු ජලය හෝ ආහාර ගත්තාම
කවුද වැඩිපුර අවදානමේ ඉන්නේ?
– පිහිනන, ඔරු පදින අය
– කඳු නගින, දඩයම් යන අය
– මඩ ගොවිතැන් කරන අය
– ගෙවතු වැඩ කරන අය
– පශු වෛද්‍යවරු
– කිරි ගොවියෝ
– මස් කපන අය
ලංකාවේ වැඩිපුරම මී උණ හැදෙන්නේ කුඹුරු වැඩ කරන අයට. මේ අය:
– මත්පැන් වැඩිපුර බොනවා
– ආරක්ෂිත විදි අනුගමනය කරන්නේ නැහැ
– ඉක්මනට රෝහල් යන්නේ නැහැ
ඒක නිසා තමයි මැරෙන ගාන වැඩි.
මතක තියාගන්න:
– වගා වැඩවලට කලින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් මී උණ බෙහෙත් අරගෙන යන්න ඕනේ
– ලෝකේ හැම අවුරුද්දෙම මිලියනයක් විතර මිනිස්සුන්ට මී උණ හැදෙනවා
– ඒකෙන් 60,000ක් විතර මැරෙනවා
Gossip lanka news