ස්පා එකට ගියපු අවුරුදු 15 කොලුවට අතුලේ අක්කල දෙන්නෙක් කරපු වැඩේ.
ස්පා’ හෙවත් සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් සිදු කරන ගණිකා ජාවාරම් ගැන ජනමාධ්‍ය දිනපතාම පාහේ තොරතුරු වාර්තා කරයි. කොළඹින් දුරබැහැර ප්‍රදේශවලින් ඇතැම් ‘ස්පා’ ආයතනවල සේවයට එන ඇතැම් කතුන් බොහෝ අවස්ථාවලදී ගණිකා ජාවාරම්වලට යොමු වන්නේ ඒවායේ කළමනාකරුවන් කළමනාකාරිනියන්ගෙන් ද උදව්පදව් ඔස්සේ යැයි කීවොත් වැරදි නැත.
නීත්‍යනුකූලව ලියාපදිංචි අවශ්‍ය බලපත්‍රද ලබාගෙන සෞඛ්‍ය නීතිරීති ද අනුගමනය කරමින් පවත්වාගෙන යන ‘ස්පා’ ආයතනද විශාල සංඛ්‍යාවක් ඇතත් හතු පිපෙනවාක් මෙන් බිහි වූ එමෙන්ම ගණිකා වෘත්තියට කතුන් ඇද දමන ස්පා නිසා නීත්‍යනුකූලව පවත්වාගෙන යන ‘ස්පා’ ආයතනවලටත් සිදුවන්නේ අවැඩකි.
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ස්පා එකකට සම්බාහනයක් සඳහා පැමිණි පහළොස් හැවිරිදි පිරිමි ළමයකු එහි වැඩිහිටි කතුන් දෙදෙනෙකු විසින් බරපතළ ලෙස අපයෝජනය කළැයි කියන සිද්ධියක් පිළිබඳව පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ද ඇති විය.
මේ පිරිමි ළමයා සිය නිවෙසේ තිබුණ රුපියල් පනස්දහසක් ද සොරකම් කරගෙන අදාළ ස්පා ආයතනයට පැමිණ රුපියල් එක්දහස් පන්සියයක් එහි තෙරපිවරියකට දී ඇගේ සේවය ලබා ගැනීමෙන් අනතුරුව තෙරපිවරිය සහ තවත් සේවිකාවක් මේ ළමයා බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවද අනාවරණය විය.
කුරුණෑගල මූලස්ථාන පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ල ලැබීමෙන් අනතුරුව ළමයා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කැරුණු අතර තෙරපිවරියන් දෙදෙනා පසුව අත්අඩංගුවට ගැනිණි.
නීති විරෝධීව පවත්වාගෙන යන මෙවැනි ස්පා ආයතන, මත්කුඩු, මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාවලට සම්බන්ධ බව රහසක් නොවේ. එවැනි නීති විරෝධී ස්පා ආයතන පොලිසිය දිගින් දිගටම වටලා පරීක්ෂා කරන්නේ ඒ නිසාය. ‘ස්පා බෝඩ්’ එකට මුවා වී ගණිකා ජාවාරම සිදු කළ ස්ථාන දෙකක් මීගමුව සහ ජාඇළදී වැටලීම මීගමුව මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධරයන්ට සහ ජාඇළ පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධරයන්ට හැකි වූයේ පසුගියදාය.
මීගමුව මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ ස්පා හෙවත් සම්බාහන ආයතන මුවාවෙන් ගණිකා ජාවාරම නැවතත් හිස ඔසොවන බවට පොලිසියට තොරතුරු ලැබුණ අතර දුෂණ මර්දන අංශයේ නිලධාරීන් මේ ගැන දිගින් දිගටම විමර්ශන සිදු කරමින් සිටියේ ඒ පිළිබඳ තොරතුරු හෙළි කර ගැනීම සඳහාය.
මීගමුව නගර සභා බල ප්‍රදේශයට අයත් වැල්ලවීදියේ ස්ථානයක ස්පා ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යන ගණිකා මධ්‍යස්ථානයක් පිළිබඳ පොලිසිය තොරතුරු හෙළිකර ගන්නේ ඒ අනුවය. ඒ ගැන සොයා බලන පොලිස් නිලධාරීන්ට අනාවරණය වන්නේ අදාළ ස්පා ආයතනය නගර සභාවෙන් ද අවසර නොගෙන පවත්වාගෙන යන බවයි.
මීගමුවෙන් දුරබැහැර පදිංචි කතුන් මේ ස්ථානයට පැමිණ එහි සේවයේ නිරත වන බව හෙළිකර ගත් පොලිසිය වැටලීම සිදු කරන්නේ උපායදූතයකු මාර්ගයෙනි. අදාළ ස්ථානය පරීක්ෂාවට සෝදිසි වරෙන්තුවක් ද පොලිස් නිලධරයන් විසින් ලබාගෙන තිබිණි. පොලිස් උපායදූතයා රුපියල් පන්දහසක නෝට්ටුවක්ද සහිතව මේ ස්පා ආයතනයට ගොස් කාන්තාවක් ලිංගික කටයුතු සඳහා ලබා ගනිද්දී පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය වටලා කතුන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගන්නේ ක්ෂණිකවය.
මේ කතුන් සමඟ ලිංගිකව හැසිරීම සඳහා බාල වයස් පිරිමි ළමයින්ද මේ ස්ථානයට පැමිණෙන බව පොලිසියේ සැකයයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ද මේ ස්ථානයට පැමිණෙන බවට සැකකරන අතර ඔවුන් ඒ සඳහා අවශ්‍ය මිල මුදල් සොයා ගැනීම සඳහා සිදු කරන සොරකම් අපරාධ වැඩි වීමට බලපා ඇති බවද පොලිසියේ අදහසයි.
මීගමුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දිසානායකගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කීර්තිපන් කොස්තාපල්වරුන් වන රසික (197036), චන්ද්‍රසේකර (54984), නානායක්කාර (87239), තිලකරන්න (102209), කොස්තාපල්වරියන් වන අනුත්තරා (13350), සශිකා (12896) යන නිලධාරීන් නිලධාරිනියන් මෙම වැටලීම සිදු කරන ලදි.
මේ අතර නීති විරෝධීව පවත්වාගෙන ගිය ස්පා මධ්‍යස්ථානයක් ජාඇළ, දඬුගමදී වටලා එහි ගණිකා සේවයේ නිරත වී යැයි සැකපිට කතුන් අටදෙනෙකු සහ කළමනාකරු ජාඇළ පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනෙන්නේ පසුගියදාය.
අදාළ ස්ථානය ජාඇළ දඬුගම ප්‍රදේශයේ පිහිටා තිබුණ අතර එය සුඛෝපභෝගී නිවසක අනවසරයෙන් පවත්වාගෙන ගොස් තිබුණි. අවුරුදු 20 – 26 අතර වයස්වල පසුවන තරුණ කතුන් මෙහි සේවයට යොදවා තිබුණි. ඔවුහු සියලු දෙනාම රූමතියෝය. මේ අය කොළඹින් දුරබැහැර ප්‍රදේශවල පදිංචිකාරියෝය. ඉන් හයදෙනෙකු ඔවුන්ගේ නිවෙස්වල අයට කියා ඇත්තේ තමන් කටුනායක වෙළෙඳ කලාපයේ රැකියාවල නිරතව සිටින බවකි.
ජාඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද එදිරිසූරියගේ උපදෙස් මත එහි දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක එන්. පී. ආර්. සමරතුංග, සැරයන් සරත් (50040), කොස්තාපල් (82109) සංජීව, කාන්තා කොස්තාපල් දිල්රුක්ෂි ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කරන ලදි.
දීපාල් සමරසේකර
Silumina