‘අනුර ගෝ හෝම්’ පටන් ගන්නවා.
උගන්ඩාවට රිළවුන් යවා රාජපක්ෂ පවුලේ හංගා ඇති බව කියන මුදල් රටට ගෙන එන්නට කටයුතු කරන්නැයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇත්තන්ට මතක් කරන බව හිටපු කොළඹ නාගරික මන්ත්‍රි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බටහිර කොළඹ ප්‍රධාන සංවිධායක දිලිප් ප්‍රනාන්දු පවසයි.
ඒ මහතා එසේ පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා මෙසේද කීය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපි ආණ්ඩුවට නිරන්තරයෙන්ම සහයෝගය දෙනවා. කකුලෙන් අදින්නේ නෑ. පට්ටම පට්ට ආදරෙයි.
ආණ්ඩු බලය ගන්නට මේ අය කී බොරු හරියට රජ වාසලට හකුරු හදන්නා කී කතාව වගේ කතාවක් තමයි කරන්නේ. ‘කියන විට එහෙමයි කරන විට මෙහෙමයි’ කියා දැන් රටටම පැහැදිලි වෙලා තියෙන්නේ.
බොරු කියලා ජනතාව රවටා බලයට පත්වූ මේ ආණ්ඩුව බොරුවෙන්ම විනාශ වෙනවා. කථානායකගේ සිද්ධිය මඟින් අපට ඒ බව පැහැදිලියි.
ජනපතිතුමා ගාව ෆයිල් තියෙනවා. නමුත් ෆයිල්වල ඇතුළේ කිසිවක් නෑ. කෝ ෆයිල්වල තියෙනවා කී හොර ගනුදෙනු, වංචා, දූෂණ ඒවා නෑ. බොරුවේ උපත මාලිමා ආණ්ඩුවයි.
හාල් නැති නිසා හාල් ගෙනාවා පිටරටින්. ඒවා ගුල්ලො ගහපු නරක් වුණු හාල්. මෙන්න දක්ෂ ආණ්ඩුව කරපු දක්ෂම ආනයනය. වී නෑ. හාල් නෑ. බත් නෑ. කිරිබත් උයන්න මෙදා ජනවාරි පළමු වැනිදා ජනතාවට බැරි වෙනවා.
මේ ආණ්ඩුව අනා ගන්නවා විතරක් නෙවෙයි නාගන්නවා. ජනතාවට දුන් පොරෙන්දු ඉටු කරන්න බැරිව මේ අය වැදි බණ කියනවා.
අපි තමයි දක්ෂ, අපිට පමණයි කරන්න හැකි යැයි කියමින් පාරම්බෑවට බලය ගත්තාම කරන්න මොළයක් නැති බව දැන් ජනතාවට පේනවා. ඇත්ත පිළිගෙන රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න කියා මතක් කළ යුතුව තියෙනවා.
ජනතාවාදී ආණ්ඩුවක් සකස් කර ජනතාවට සහන දෙන්න නැති නම් අපිට සිදුවෙනවා අනුර ගෝ හෝම් කියා ජනපති සහෝදරයාද සහෝදරත්වයෙන්ම ඉවත් කර දමන්නට.”
– නිමල් අල්ගෙවත්ත
Lanka C news