ටික් ටොක් තවත් තරුණියක් අවසන් ගමන් යවයි.
තම පෙම්වතා වෙනත් සබඳතාවක් පවත්වාගෙන යන බවට සැක සිතී සුරූපී තරුණියක් මුන්දලම නවදන්කුලම ප්රදේශයේදී ඊයේ (17) දුම්රියට ගෙල තබා දිවි නසාගෙන ඇතැයි මුන්දලම පොලීසිය පවසයි.මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ මුන්දලම නුග සෙවණ ගමේ පදිංචිව සිටි ආර්.ඒ.පියුමි මල්ශානී නැමති 20 හැවිරිදි පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිටි අයකු බව ද පොලිසිය කියයි.
මාරවිල ප්රදේශයේ ඇඟලුම් ආයතනයක සේවය කරමින් සිට ඇති තරුණිය එම ඇඟලුම් ආයතනයේම සේවය කරන තරුණයකු සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් එම තරුණයා ද තරුණියගේ නිෙවසට ද පැමිණ ඇති බවත් කියයි.
දෙදෙනා අතර නිරන්තරයෙන් දුරකතන ඇමතුම්වලදී බහින් බස්වීම් සිදුවන බවත් ඇගේ මව පොලිසියට ප්රකාශ ලබා දී ඇත.එසේ තිබියදී මේ තරුණිය දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි නිෙවසේ සිට ගමන් කරමින් සිටියදී මව ඒ පිළිබඳව විමසා ඇති බව කියයි.
මුහුණ සෝදාගෙන එන්නම් අම්මා කියා ගිය තරුණිය ගැන සැක නොසිතූ මව ඇය නිෙවසට පැමිණීම ප්රමාදවීම නිසා නැවත පැමිණ විපරම් කර බලා ඇති අතර ඇය නොමැතිවීමෙන් දුම්රිය මාර්ගය දෙස බලා ඇත. එහිදී ඇය ඒ වන විටත් ඈතින් දුම්රිය දෙසට දිව යන අයුරු මව දැක තිබේ. එහිදී මව එම දුම්රිය මඟින් ඉවත් වන ලෙස මහ හඩින් කෑගසමින් දිව ගොස් ඇතත්, ඒ වන විටත් ඇය එක්වරම දුම්රිය මඟේ දිගා වී ඇති බව වාර්තා වෙයි.
දුම්රියේ ගැටීමත් සමඟ මේ තරුණියගේ සිරුර කැබලි ලෙස වෙන් වී විසි වී ගොස් ඇති අතර පසුව දුම්රිය රියැදුරු දුම්රිය නවතා සිරුර මදුරන්කුලිය දුම්රිය ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබුණු අතර පසුව සිරුර පුත්තලම මූලික රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබුණි.
සුරූපි මේ තරුණිය ටික් ටොක්වල ජනප්රිය වී ඇති අතර විශාල පිරිසක් ඇගේ ටික් ටොක් ගිණුමේ සිටින බව ද කියයි. තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම මූලික රෝහලේදී ඊයේ (17) පැවැත්වීමට නියමිතව තිබුණි. මුන්දලම පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (38085) අමරසිංහ මහතා අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්ව තිබුණි.
( පුත්තලම – හිරාන් ප්රියංකර ජයසිංහ)
gossip lanka news