බස් ධාවනය කරන්න පුළුවන් වයස් සීමාව ගැන දැනුම්දීමක්
වයස අවුරුදු 23 සිට අවුරුදු 65 දක්වා ශාරීරික යෝග්‍යතා තත්ත්වය හොදින් පවතින පුද්ගලයින්ට බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන ධාවනයට අදාළ රියැදුරු බලපත්‍ර ලබාගත හැකි බව ප්‍රවාහන කටයුතු අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රී ජගත් විතානගේ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
“වසර ගණනාවක් තිස්සේ තියෙන නීතියක් තියෙනවා, ගැසට් එකක්, ඒ තමයි අවුරුදු 23 සිට අවුරුදු 65 දක්වා මෙඩිකල් ෆිට් නම් පොදු ප්‍රවාහනය සදහා බස් රථ වැනි වාහන ධාවනයේ නිරත වෙන්න පුළුවන්. ඒකට වෙනම ලයිසන් එකක් තියෙනවා. වයස අවුරුදු 65න් පස්සේ රථ වාහන ධාවනය කරන්න පුළුවන් හැබැයි පුද්ගලික වාහන පමණයි.”
aruna