නාමල් රාජපක්ෂ අත්අඩංගුවට..?
ඉදිරි සති දෙකක කාලය ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වන්නේ යැයි නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කරයි.
2029 දී නාමල් රාජපක්ෂ මෙරට ජනාධිපති වේ යැයි විශාල බියකින් ආණ්ඩුව පසුවන බවත් ඒ හේතුවෙන් ඔහුද සිරගත කිරීමට ආණ්ඩු උත්සාහ දරමින් සිටින බවත් හෙතෙම කියා සිටියේය.
වර්තමාන ආණ්ඩුව පාලනය අසමත් වන තරමටම රාජපක්ෂ භීතිකාව ඔවුන් තුළ ඉහළ එ්මට පටන්ගෙන ඇති බවත් ඒ හේතුවෙන් රාජපක්ෂවරුන් ඉලක්ක කරමින් දඩයම් කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වන බවත් හෙතෙම පැවසුවේය.
යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
උපුටා ගැනීම – Lanka c news