මංගල දා මනාලයාගේ මිතුරන් දුන් තෑග්ගෙන් ගෙදරම හොල්මන් වෙයි
කියන්න යන්නේ විවාහ මංගල්‍යකදී සිදුවුණු හිතාගන්න බැරි සිද්ධියක් ගැනයි..
ගොඩක් දෙනෙක් බොහෝ වෙලාවට විවාහ මංගල උත්සවවලට තෑගි බෝග අරන් යන එක සාමාන්‍යයි..
ඒත් මේ මිතුරන් නම් තමගේ හොඳම යාළුවාඒ විවාහ මංගල්‍යට අරගෙන ගිහින් තිබුණේ කිසිම කෙනෙක් විශ්වාස නොකරන තෑග්ගක්.. ඒ නිසා ඔහු විවාහය දවසේ අසරණ වෙලාද..? ඔහු 27 හැවිරිදි තරුණයෙක් වන අතර, කොළඹ ප්‍රදේශයේ ආයතනයක වසරක තුනක පමණ කාලයක සිට රැකියාවක් කරන තැනැත්තෙක්..
ඔහුගේ විවාහ මංගල්‍යය දිනයේ රැකියා ආයතනයේ සේවය කරන මිතුරකු මනාලයාට පූස් පැටව් තිදෙනකු පෙට්ටියකට දමා ගෙනත් දී ඇතැයි කියන අපූරු පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා..
මෙම තරුණයාගේ විවාහ මංගල්‍යය ඉකුත් දා කෑගල්ල ප්‍රදේශයේ හෝටලයක සිදු කර දින දෙකකට පසුව මනාලයා සිය මනාලිය නිවසට කැන්දාගෙන පැමිණ තිබුණා.. තරුණයා රැකියා ආයතනයේ සේවය කරන මිතුරන්ට දෙවැනි දවසේ රාත්‍රි තම නිවසේ පැවැත්වෙන සාදයට සහභාගි වන ලෙස ආරාධනා කර තිබෙනවා.. තරුණයා ආරාධනා කර තිබුණු ආකාරයට 27 දෙනකුගෙන් යුත් තරුණ හිතවතුන් පිරිසක් බස් රථයකින් තරුණයාගේ නිවසට රාත්‍රි 7 ට පමණ පැමිණි අතර,තරුණයා සිය මනාලිය සමග ගොස් පුටුවල ඉදගෙන සිටි හිතවතුන් එකින් එක හඳුන්වා දී පිළි ගත්තේ ඉතා ලෙංගතුවයි..
පසුව මනාලයා මිතුරන්ට විශේෂයෙන් සකස් කර තිබුණු මත්පැන් ඇතුළු දෑ පිළිගැන්වූ අතර, පසුව තරුණ පිරිස මත්පැන් පානය කර ගීත ගයා කෑම කා එකිනෙකා ගෙනත් තිබුණු මුදල් හා තෑගි මනාල මිතුරාට ලබා දී ඔවුන් ආපසු එන්න පිටත් වුණා..
හිතවතුන් ගෙනා ත්‍යාග පෙට්ටි කිහිපය මනාලයාගේ මව විසින් ඔහුගේ කාමරයට රැගෙන යමින් සිටිය දී පෙට්ටියකින් පූස් පැටියකුගේ කෑ ගසන ශබ්දය ඇසී තිබෙනවා… පසුව මව සිය මනාල පුතාට කතා කොට පෙට්ටියක පූස් පැටවකු කෑ ගසන ශබ්දය ඇසෙන බව සිනාසෙමින් පවසා තිබුණා…
පසුව මනාලයා පැමිණ පූස් පැටවකු කෑ ගෑසු පෙට්ටිය සොයා විවර කර බැලුවා… පෙට්ටිය ඇතුළත ගැහැනු පූස් පැටව් තිදෙනකු සිටින අයුරු මනාලයාගේ මව දුටුවා…
ඒ වෙන කොට මනාලයාගේ නිවසේ පූසිය ද පැටවු දමා තිදෙනකු සිටින බව වාර්තා වෙනවා..
මනාලයාගේ මව පූස් පැටවු ගෙනා තරුණයාගේ මවුපියන් සිහිපත් කර හොඳ පරුෂ වචනවලින් මනාලියගේ නෑදෑයන් ඉදිරියේ දී කෑ ගසන්නට පටන් ගත්තා.. “මම වැඩට යනකොට ආපසු පැටවු තිදෙනා අරගෙන යන්නම් අම්මා කෑ ගහන්න එපා” ඔහු අවසානයේ පැවසුවේ එපමණයි..
හිරුගොසිප්