සරසවි සිසුවියන්ට බදුල්ලේ බෝඩිමේ වුන දේ
ගොඩක් විඩාබර දවසක් වුණා…
ඒ නිසා බෝඩිමට ආව ගමන් ඇයට ඕනවුණේ ටිකක් සුවපහසුවෙන් කාලය ගෙවන්න..
ඒත් නොසිතපු වෙලාවක මේ වුණේ මොකද්ද…? ඒ සිද්ධියෙන් පස්සේ දැන් ඇයට ගම්මුන්ට මුහුණදෙන්න පවා බැරි වෙලා.. මේ කියන්න යන්නේ නොසිතූ මොහොතක සරසවි සිසුවියකට සිදුවුණු ඒ විපත ගැන කතාවයි..
සරසවි අධ්‍යාපනය හදාරන මෙම සිසුවියෝ නිවාඩුවට ගම්බිම් බලා ගොස් යළි බදුල්ලේ බෝඩිමට පැමිණියා… ඔවුන් සිය නිවෙස්වල සිටම දිවා ආහාර ද පිළියෙල කරගෙන පැමිණි අතර ඔවුන් ගෙනා ආහාර ඇතුළු ඇදුම් බෑග් බෝඩිම් කාමරයේ මේසය මත තබා ගමන් විඩාව නිවමින් ඔවුහු ඇඳුම් මාරුකරන්නට වුණා..
බදුල්ල ප්‍රදේශයේ රිළවුන්ගේ තර්ජන බහුලව ඇති අතර, එක් සිසුවියක කාමරයේ ජනේලයක් විවෘත කළේ රස්නය නිසාවෙන්..
මේ අතරතුරේ නිවස අසල ගසක සිටි රිළවෙක් ආහාර සුවඳ දැනී එක්වරම ජනේලයෙන් කාමරයට ඇතුළු වී මේසය මතට නැග ගෙන ගමන් මලු දිග හරින්නට වුණා…
කාමරයට රිංගා ගත් රිළවා දුටු සිසුවියෝ බියට පත්වී යටිගිරියෙන් කෑගසාගෙනම ඇද සිටි අඩ නිරුවත් ඇඳුම් පිටින් දිවගියා…
මොවුනගේ කෑගැසීම ඇසී අසල්වාසීන්ද එම ස්ථානයට දිව ආ අතර අඩනිරුවතින් සිටි සිසුවියන් පිරිස ඒ අසල නිවසක කාමරයක රඳවා නිවසේ කාමරයේ සිටි රිළවා එළවා දමා සිසුවියන්ට ඔවුන්ගේ ඇඳුම් කාන්තාවක විසින් ගිහින් දීමෙන් අනතුරුව එම ඇඳුම් ඇඳගත් සිසුවියන් පිරිස යළි බෝඩිමට ආවේ ලැජ්ජාවෙන් ඇඹරෙමින්ලු..
උපුටාගැනීම: හිරු ගොසිප්