මදුසමයට යන මනාලිය ආරූඩ කපුවෙකු මෙන් රියදුරාට ගහයි
මනාලිය හැම තැනම ඇවිද්දේ ඔහුගේ කුලී ත්‍රීරෝද රථයෙන්.. ඇගේ සියලු රහස් රැකගෙන සිටි ඔහු අවසන් මොහොතේ සියල්ල වමාරයි..
ඇයගේ විවාහයට බොහෝ දෙනෙක් සූදානම් වෙන්නේ බොහොම ඉහළින් ඒ දවස සමරන්න වුණත්, මනාලියගේ මවගේ හිතේ ඇත්තේ තැතිගැන්මක් පමණයි.. කොහොම වුණත් ඔන්න ඒ දවස උදා වුණා.. පෙර ආරාධනා කළ පරිදි අමුත්තන් හා හිතවතුන් ඇගේ විවාහ උත්සවයට පැමිණි අතර, ඔහුද ඒ අතර කෙනෙක් වුණා..
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණේ තවත් එක් ග්‍රාමීය ප්‍රදේශයකින්..
ඔහු එම විවාහක තරුණියගේ පවුල සමග සමීපව කටයුතු කළ පුද්ගලයක් වන අතර, ත්‍රිරෝද රථ රියදුරුවරයකු වන ඔහු එම ගමේ හන්දියේ ත්‍රිරෝද රථය ගාල් කර කුලී ගමන් දුවයි.. ත්‍රිරෝද රථ ගාලේ “අවංකයා” ලෙස හඳුන්වන ඔහු, ඇත්තටම අවංක නිහතමානී චරිතයක්… ඇතැම් පුද්ගලයන් හයර් ගොස් අමතකව දමා යන ජංගම දුරකථන ඇතුළු බඩු භාණ්ඩ ඔහු එම කුලී ගමන ගිය පුද්ගලයා සොයා ආපසු ලබා දෙන්නේ ඔහුගේ අවංක කම නිසාමයි.. මෙම විවාහය සිදු වූ පවුලේ ද සියලුම කුලී ගමන් ගොස් ඇත්තේ ඔහුයි…
ධනවත් පවුලක් වූ ඔවුහු බොහෝ අවස්ථාවල කුලී ගමනට වැඩි මුදලක් හා ගෙදරට කැඳවා තේ එකක් ලබාදීමට කටයුතු කරනවා.. එම පවුලේ එකම දියණිය තරමක් සෙල්ලක් කාර එකියක් වූ අතර, ඇය බොහෝ තරුණයන් ආශ්‍රය කර ඔවුන් සමග හෝටල් කාමර වෙත යන එක සාමාන්‍ය දෙයක් වී තිබුණා…
එම ගමන් සඳහා ද එම තරුණිය ඔහු යොදාගන්නේ ඔහුගේ අවංක බව නිසායි.. එහෙත් එම පවුල නොදන්නා හැමෝම දන්නා අවංකයාගේ ප්‍රසිද්ධ රහසක් තිබුණා… ඒ ඔහු අධික ලෙස මත්පැන් පානය කළ විට ඔහුගේ අවංක භාවය කටින් පිටවන බවයි..
බොහෝ විට බීමතින් ඔහු ඇතැම් දෑ කියන්නේ ඔහුගේ අවංක භාවය පෙන්වීමටයි… කෙසේ වෙතත් එම විවාහක තරුණියගේ විවාහ මංගල්‍යය වෙත ඔහුටද ආරාධනා ලැබී ඇති අතර, ඔහු එයට සහභාගි වී ඇත්තේ ගොඩක් වේලාසනින්..
පසුව ඔහු මගුල් ගෙදරින් මත්පැන්වලින් හොඳින් සප්පායම් වී ඇති අතර, පසුව මනාල යුවල මධුසමය වෙත පිටත්වන වෙලාව පැමිණ ඇති අතර, මනාලිය එළියට බසිද්දී ඇයගේ අතීත ක්‍රියාකාරකම් හොඳින් දන්නා ඇයගේ මව ඇය බදාගෙන හඬා ඇත්තේ දුකට නොව සාම්ප්‍රදායක් ලෙසයි…
ඒ නාට්‍යය එසේ යද්දී, මෙය දුටු අවංකයා ඉදිරියට පැන ‘‘ඇයි ඇන්ටි අඬන්නේ, නංගී මේවා පුරුදු වෙන්න යන ගමන්ද? මාත් එක්කනම් කොච්චර ගිහින් ඇද්ද? යැයි කියා ඇත්තේ සූර් පිටයි.. පැමිණ සිටි මනාල පාර්ශ්වයේ අය හා හිතවතුන් මුහුණට මුහුණ බලා ගද්දී, මනාලිය ආරූඪ වූ කපුවෙකු පොල් මලින් ඔළුවට ගසා ගන්නා මෙන් ත්‍රිරෝද රථ අවංකයාට පහර දීමට පටන් ගත්තේ සියල්ලන්ම පුදුම කරමින්..
තරබාරූ කාන්තාවක් වූ මනාලියගේ මව කෙට්ටු ඔහුගේ ඇට කටු කුඩු කරන්න තරම් හයියෙන් පහර දෙද්දී, දෙවියන් සිහිපත් කළ ඔහු පැමිණි ත්‍රිරෝද රථය විවාහ උත්සව ශාලාවේ දමා, කකුල් දෙකේ පිහිට පතා හැකි වේගයෙන් දුවගොස් ඇත්තේ ටයි කෝට් කාරයන් පෝලිමේ ඔහුව පන්නාගෙන එද්දීයි..