පිරිමින්ට වසර 2ක් උපත්පාලනය කළ හැකි නව ක්‍රමයක් සොයාගැනේ.
කොන්ඩම් හෝ vasectomy වෙනුවට ආදේශ කළ හැකි නව පිරිමි උපත් පාලන ක්‍රමයක් සොයාගැනේ‼️
ඇමරිකානු සමාගමක් විසින් තනි එන්නතකින් වසර දෙකක් සඳහා ඵලදායී වන පිරිමි උපත් පාලන ක්‍රමයක් හදුන්වා දී ඇත.
බ්‍රිතාන්‍ය Guardian පුවත්පතට අනුව ඇමරිකානු Contralin සමාගම, ශුක්‍රාණු චලනය වළක්වන ADAM නම් උපත් පාලන ක්‍රමය සඳහා පළමු සායනික අදියරේ (clinical phase 1) අත්හදා බැලීම් සාර්ථකව සිදු කර ඇත.
ADAM මගින් ශුක්‍රාණු චලනය අවහිර කිරීම සඳහා ජලයේ ද්‍රාව්‍ය hydrogel, ශුක්‍ර නාල (vas deferens) වලට එන්නත් කිරීම සිදු වේ.
හයිඩ්‍රොජෙල්, ජෙලි වලට සමාන ද්‍රව්‍යයක් වන අතර එහි ජලය විශාල ප්‍රමාණයක් අඩංගු වන බැවින් ඉතා මෘදු වේ.
සාමාන්‍ය තත්ත්ව යටතේ ශුක්‍රාණු වෘෂණ කෝෂවල නිපදවන අතර, ශුක්‍ර නාල සහ මුත්‍රා මාර්ගය හරහා ගමන් කර ශරීරයෙන් බැහැර වීම සිදු වේ.
ADAM මගින් ශුක්‍ර නාල අවහිර වූ විට සිරවන ශුක්‍රාණු, ශරීරය විසින් අවශෝෂණය කරනු ලැබේ.
එවිට පිරිමින්ට ශුක්‍රාණු නොමැති ශුක්‍ර තරලය පමණක් පිටවීම සිදුවේ.
උ.ගැ. ( එයා එනකොට අහන්න, විදගත්තද…… කියලා 😼😼)