නොසිතූ ලෙස ලූණු මිල අහස උසට
වෙළඳපොළේ විවිධ කතා ඇසුණා..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් කතාවක්..
පසුගිය උත්සව සමයේදී ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 280ක් දක්වා ඉහළ ගොස් තිබුණා.. මිල පහල යාමත් සමග ජංගම වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන් ආනයනික ලොකු ලූනු තරගයට මෙන් අලෙවි කරනා අයුරු දක්නට ලැබුණා..
මේ වන විට පසු ගිය යල කන්නයේ වගා කළ දේශීය ලොකු ලූනු තොග අවසන්වී තිඇති අතර, ඉදිරි යල කන්නයේ අස්වැන්න ලැබෙන තෙක් මාස දහයකට පමණ ලොකු ලූනු ආනයනය කිරීමට සිදුවී තිබෙනවා..
වාර්ෂික ඒක පුද්ගල ලොකු ලූනු පරිභෝජනය කිලෝ ග්රෑම් 110ක් පමණ වන අතර මෙරට දෛනික ලොකු ලූනු පරිභෝජනය මෙට්රික් ටොන් 778ක් පමණ වෙනවා..
ජාතික එළවළු වගාකරන්නන්ගේ ඒකමුතුවේ සභාපති නිමල් හේවා පතිරණ පැවැසුවේ මෙරට වාර්ෂික ලොකු ලූනු පරිභෝජනය මෙට්රික් ටොන් දෙලක්ෂ අසූ දහසක් වන බවයි.. රුපියල් මිලියන 25000ක පමණ මුදලක් වාර්ෂිකව ලොකු ලූනු ආනයනයට වැය කෙරෙන බවද ඔහු පැවසුවා..