කළගුණය කැළඹෙයි. ප්‍ර දේශ රැසකට තත්වය දරුණුයි.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපර්තෙමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපර්තෙමේන්තුව සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව ය.
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වලට අද (මැයි 19) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි ය.
කාලගුණ විද්‍යා දෙපර්තෙමේන්තුව සඳහන් කළේ, උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ය.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ය.
වයඹ, උතුරු-මැද, උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි ය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපර්තෙමේන්තුව සඳහන් කළේ ය.