අනුදි ගැන ඇයගේ පියා මුල්වරට කියපු කතාව
මගේ ආදරනීය දුවනිය ඔබ ශ්රි ලාංකික සියලුදෙනා එක්ව අද ලක් මව් මුදුනත තබා ඇත.ඔබ වෙනුවෙන් ඔවුන් නගන හඩ මගේ ඇසට නංවන්නෙ සතුටු කදුලුයැ.ඒ ඔබ රාත්රී ගනන් නිදි වරා ඉතාමත් වෙහෙසක් ගෙන අප මව් බිමට ඔටුනු රැගෙන ඒමට වූ වෙහෙස මෙන්ම අප්රතිහත කැපවිම මාත් ඔබේ ආදරනීය මවත් දිවා රෑ දුටු නිසාවෙනි .වැටුනු තැන් වල නැවත සිනාවෙන් යුතුව නැගි සිටිමට මව් දුන් දිරිය ඔබ මේ තරගයට සුදානම් වු දින සිට මා සිනාවෙන් වුවත් හදවතින් හඩමින් බලා සිටියෙමි.ඒ ඔබ මේ ආතතිය නොදැරිමට තරම් පුංචි එකියක බව මට දැනුනු නිසාවෙනි .නමුත් ඔබ තුලින් මා දුටුවේ මාමය..අද ඔබ මටත් අම්මාටත් වඩා ශක්තිමත්ය.කිරුළ දිනා ගැනිමට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ශ්රි ලාංකිකයන් පෙල ගැසි ඔබ සමගඅත් වැල් බැදගෙන සිටි.ලෝකයේ මුතු ඇටය රන් කිරුළෙන් සරසන තුරු සියල්ලෝම සමග මාද බලා සිටිමි.
ආදරනීය අප්පච්චි …
copied