වරායෙන් පිට කරපු කන්ටේනර් තුන්සිය ගානේ තිබුණේ ප්රභාකරන්ගේ ගිනි අවි – මන්ත්‍රී අර්චුනා රාමනාදන්
වරායෙන් පිට කරපු කන්ටේනර් තුන්සිය ගානේ තිබුණේ තායිලන්තයේ තිබුණු ප්රභාකරන්ගේ ගිනි අවි ඇතුළු ආයුද බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය.
මම මේක කිව්වා කියල වෙඩි වදින්න පුළුවන් යයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ගමනාගමන කොමිසන් සභා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
අර්චුනා රාමනාදන්
මම කන්ටේනර් ගැන කතා කරනවා. මේක කතා කරනකොට මට වෙඩි වදින්න පුළුවන් මොකද මට ආරක්ෂාව දීලා නෑ. ජනාධිපති චන්දෙට කලින් ජර්මනි ගිහිල්ලා ඩයස් පෝරාව හම්බුනා. තායිලන්තයේ තිබුණු ප්රභාකරන්ගේ බඩු ටික කුමරන් පද්මනාදන් හරහා කේපි ඒ බඩු ටික මෙහෙට ගෙනල්ලා තියෙනවා. මිනිස්සු කතාවෙනවා. අන්තිමට ඉතිරි වෙච්ච ආයුද ටික ගිනි අවි ටික ඒ කන්ටේනර් වල දාලා ගෙනල්ලා තියෙනවා කියලා කියනවා. මට මේක ඔප්පු කරන්න බැහැ. වගකීමෙන් කියන්නේ. කන්ටේනර් 300 තිබුනේ ප්රභාකරන්ගේ ගිනි අවි. තැන් තැන්වල ගිහිල්ලා තිබිච්ච ඒවා ගෙනල්ලා තියෙනවා.
මුලසුන
ඔබතුමා වගකීම භාරගන්නවද
රාමනාදන් මහතා
වගකීමෙන් කියනවා කියලා මම සිංහලෙන් කිව්වනේ.
මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට යට වෙලා පිස්සු කෙලින්න එපා.අපේ රටේ ජනතාව ඒ පිස්සු වලට අහුවෙන්නෙ නෑ. මේගොල්ලන් යවන්න ඕන අංගොඩ රෝහලට. උතුරු නැගෙනහිර ජනතාවට වැරදීමක් වෙලා.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මොකක්ද
බොරු කියන්න එපා. පුළුවන් නම් ඕක සභාවෙන් එළියට ගිහිල්ලා කියන්න.
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
උපුටාගැනීම – ලංකාදීප