පාස්තර් ජෙරමිගේ මධ්‍යාස්ථානය ගම්වාසීන් වටලා වුන දේ
නාවලපිටිය මීපිටිය ප්‍රදේශයේ ඉඩමක යාඥා මධ්‍යස්ථානයක් පිහිටුවීමේ උත්සාහය වටා පසුගිය වසරේ නොවැම්බර් මස ගම්වාසීන් සහ එම කණ්ඩායම අතර විරෝධතා සහ ගැටුම් ඇතිවූ බව වාර්තා වේ.
මෙම මධ්‍යස්ථානය පවත්වා ගැනීම ජෙරම් නම් පාස්ටරයෙකුගේ මූලිකත්වයෙන් සිදුවූ අතර, මෙම වසරේ ජූනි 6 වන දින උදෑසන එම ඉඩමට ආරක්ෂිත බැම්මක් සහ ගේට්ටුවක් ඉදිකිරීම සඳහා සෙමෙන්ති, ගල් හා කළුගල් රැගෙන ආ අවස්ථාවේදී තවත් උණුසුම් තත්ත්වයක් උද්ගත විය.
මෙම අවස්ථාවේදී අශෝකාරාම විහාරාධිපති කරදගොල්ලේ පියරතන හිමියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එම ස්ථානයට පැමිණ ඉදිකිරීම් නවත්වන ලෙස ක්‍රියාත්මක විය. පසුව, පස්භාගේ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ලේකම් දැනුවත් කරමින්, පොලිසියගේ සහාය ඇතිව එහි සේවය කරමින් සිටි තරුණයෙකු සහ කම්කරුවන් එම ස්ථානයෙන් ඉවත් කරන ලදී.
ප්‍රාදේශීය සභාවේ ලේකම් සහ තාක්ෂණික නිලධාරීන්ද එම ඉඩමට කැඳවා ඇති අතර, රාජ්‍ය නිළධාරීන්ට නිවැරදි තොරතුරු නොදැනුම් දී ආගමික ස්ථානයක් පිහිටුවීමට උත්සාහයක් පවතින බවට සැකය පළ විය.
ඒ අනුව, ඉදිරියට මෙවැනි ඉදිකිරීම් සදහා අවසර ලබාදීමට පෙර නියමිත පරීක්ෂණ හා විමර්ශන සිදු කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් ප්‍රදේශවාසීන් හා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පාර්ශවය අතර ගැටුම් උග්‍ර විය හැකි බවත් කියැවුණේ කරදගොල්ලේ පියරතන හිමියන් විසිනි.
උපුටාගැනීම – ගගන