සීනි නිශ්පාදන ආයතන වලට බලපත්‍ර දී අඩු මිලට බෝතල් හදන්න යෝජනාවක්
එතනෝල් ලීටරයක මිල අඩු කිරීම හේතුවෙන් අරක්කු බෝතලයක මිල ද අඩු කිරීමට හැකියාව ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය:
“එතනෝල් ලීටරය රුපියල් 1500ට, 1700ට තිබුණත් අරක්කු බෝතලයේ මිල වෙනස් වුණේ නැහැ. එතනෝල් ලීටරය 1500ට තිබුණත්, අරක්කු සමාගම් බෝතලය රුපියල් 3500ට, 4000ට විකුණුවා. දැන් එතනෝල් ලීටරය රුපියල් 475ට අඩු කළත්, අරක්කු බෝතලයේ මිල ඒ ආකාරයෙන්ම පවතිනවා.
එතනෝල් ලීටරයක් රුපියල් 475ට ගත් විට, එයින් අරක්කු බෝතල් 3ක් නිෂ්පාදනය කළ හැකියි. එසේ නම්, රුපියල් 475ට එතනෝල් ලීටරයක් ගෙන බෝතල් 3ක් හදන්න පුළුවන් නම්, අරක්කු බෝතලයක් කොපමණ අඩු මිලකට ලබා දිය හැකිද? ගල්ඔය, ඇතිමලේ වැනි සීනි නිෂ්පාදන ආයතනවලට බලපත්‍ර ලබා දී, අඩු මිලට අරක්කු බෝතලයක් නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස යෝජනා කරනවා.
මෙහිදී ගැටලු ඇත්තේ එතැනයි. එය අපගේ ගැටලුවක් නොවෙයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කරනවා.”
උපුටාගැනීම – ගගන