අනූගනන් වල තරුණයන්ගේ සිහින කුමරිය, සුදු නංගි හෙවත් අයෝමි ශානිකා විවාහ වෙලා ගෙවන ජීවිතේ
මීට කාලෙකට කලින් අපේ රටේ තරුන තරුණියන් අතරෙ ගොඩක් ප්‍රසිද්ද උන චරිතයක් තමයි අයෝමි ශානිකා කියල කියන්නේ. සමහරුන්ට අයෝමි ශානිකා කියනකොට වැඩිය මතකයට එන්නෙ නැති වුනාට ජීවිතේ ලස්සනයි ටෙලිනාට්‍යයේ සුදු නංගි කියනකොටනම් ඇය කවුද කියන එක මතක් වෙනවා නොඅනුමානයි. මොකද ඒ තරමටම ඒ දිනවල ප්‍රේක්ශකයන් අතර ජනප්‍රිය වෙලා හිටපු කෙනෙක් තමයි මේ සුදු නංගි හෙවත් අයෝමි ශානිකා කියල කියන්නේ. ඉතින් මීට කාලෙකට කලින් රූපවාහිනිය හරහා අපිට ඉතා විශාල රසාස්වින්දනයක් ලබාදුන්නු අයෝමි මේ වෙනකොට ආයුර්වේද වයිද්යවරියක් වශයෙන් කටයුතු කරනවා. ඉතින් රජයේ වයිද්යවරයෙක් වශයෙන් කටයුතු කරනවාට අමතරව මේ වෙනකොට ඇය ඇගේ නිවසේ පෞද්ගලික වෙයිද්‍ය මද්‍යස්ථානයක්ද පවත්වාගෙන යනවා. ඉතින් ඒ වගේම කාලයක් රගපෑමෙන් ඈත් වෙලා හිටපු ඇයව අපිට මෑතකදී ඉදන් රෑනගල වලව්ව නම් ටෙලි සිත්තම හරහා දැකගන්නට හැකියාව ලැබිල තියෙනවා.
ඉතින් ඒ වගේම අපි කවුරුත් ආදරේ කරන මේ අහින්සක රුවැත්තිය මේ වෙනකොට විවාහ වෙලා සිටින අතරම ඇය දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්ද වනවා. ඉතින් මේ වෙනකොට ඇය පදිංචි වෙලා ඉන්නේ නුවර ප්‍රදේශයේ කියලයි අපිට දැනගන්නට ලැබුනේ. ඉතින් ඒ වගේම වසර පහකට කලින් උපාධිය අවසන් කරපු ඇය මේ වෙනකොට තවත් උපාධියක් අරඹන්න සූදානමක් තියෙනවා කියලත් අපිට දැනගන්න ලැබුනා. ඉතින් අපි හැමෝම ආදරේ කරන අයෝමි ශානිකාට ඇගේ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන්ම ඇගේ ඡායාරූප පෙලක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)