ගොඩක් බෝලවලට හයේ පාරවල් ගහපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය දැන් ගෙවන සුන්දර ජීවිතේ
සනත් ජයසූරිය කියන්නෙ අපේ රටේ නම ජාත්‍යන්තරයට අරගෙන ගියපු අපේ රටේ විතරක් නෙවෙයි විදෙස් රටවල් වලත් ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය වගේම ගරුත්වය දිනාගත්ත අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වශයෙන් හදුන්වන්න පුලුවන් පුද්ගලයෙක්. බොහොමයක් ක්‍රීඩකයන්ගේ හැකියාවල් වගේම ශාරීරික යෝග්‍යතාවයත් වයසට යෑමත් සමගම ගිලිහී යනවා අපිට දැකගන්න පුලුවන්. ඒ කොහොම වුනත් තමන්ගෙ සැදෑ සමයේ වුනත් ක්‍රීඩා පිටියේ නොමැකෙන දස්කම් පෑ චරිතයක් තමයි සනත් ජයසූරිය කියල කියන්නෙ. ඒකට හොදම උදාහරනය තමයි තමන්ට වයස අවුරුදු 39ක් ව තිබියදීත් 2008 වසරේදී ආසියානු කුසලාන තරගයේදී සනත් ජයසූරිය විසින් දක්වපු සුපිරි ක්‍රීඩාකිරීම. ඉතින් එම තරගයට විතරක් නෙවෙයි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත් වැදගත් ක්‍රීඩකයෙකු වන සනත් ජයසූරිය ගැන පොඩි විස්තරයක් සහ ඔහුගේ සොදුරු කැදැල්ලේ ඡායාරූප කිහිපයක් ගෙන එන්න අපි හිතුවා.
1969 ජූනි 30 වෙනිද උපත ලබපු සනත්ගේ උපන් ගම වුනේ මාතර දිස්ත්‍රික්කයයි. ඒ වගේම සනත් තමන්ගෙ මංගල තරගයට ක්‍රීඩා කරේ 1988 වසරෙදියි. ඔහු එක්දින තරග 445 කදී ලකුනු 13470ක් රැස් කර ඇති අතරම එක්දින පිතිකරන සාමාන්‍ය 32ක් පමන වනවා. ඒ වගේම එක්දින තරග කඩුලු 323ක් ද හිමිකරගැනීමට මේ අසහාය ක්‍රීඩකයාට හැකි වනවා. ඉතින් ඒ වගේම අදටත් ලෝකයේ බිහි වුන අති විශිශ්ඨ පිතිකරුවෙකු, දග පන්දු යවන්නෙකු මෙන්ම විශිශ්ඨ පන්දු රකින්නෙකු වන සනත් ජයසූරිය මේ වන විට ක්‍රීඩාවෙන් ඉවත් වෙලා සොදුරු පවුල් ජීවිතයක් ගත කරනු ලබනවා. ඉතින් ඔහුගේ සොදුරු කැදැල්ලේ ඡායාරූප කිහිපයක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)