මධුමාධවගේ පළමු විවාහය හෙවත් නිල්මිනි තෙන්නකෝන් සුන්දර දියණිය සමග ගෙවන ජීවිතේ
නිල්මිනි තෙන්නකෝන් කියල කියන්නෙ අපේ රටේ ඉන්න ගොඩක් දක්ශ වගේම සුරූපී රංගන ශිල්පිනියක්. ඒ වගේම බොහෝ කලක සිට ලාංකීය සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ශේත්‍රයේ කැපී පෙනන දක්ශ රංගන ශිල්පිනියක් වන ඇය අවස්ථා කිහිපයකදීම හොදම නිලිය සම්මානයෙන් පිදුම් ලැබීම විශේශත්වයක් වනවා. එමෙන්ම වඩාත්ම ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලිය සම්මානය වසර හයක්ම එක දිගටම වසර හයක් ඇය විසින් දිනාගන්නවා. ඉතින් ජනතාව අතර ගොඩක් ජනප්‍රිය මේ දක්ශ රංගන ශිල්පිනිය ගැන විස්තර ටිකක් කියනවනම්, ඇය උපත ලබන්නේ 1965 ජනවාරි 23න් වනදායි. ඉතින් ඒ අනුව ඇයට මේ වෙනකොට වයස අවුරුදු පනස් හයක් පමන වනවා. ඒ වගේම ඇගේ උපන් ගම වන්නේ මොරටුව ප්‍රදේශය වන අතර ඇය අධ්‍යාපනය ලැබුවේ වේල්ස් කුමාරි විද්‍යාලයෙන්. ඊට අමතරව ඇයට සහෝදරයෙකු සහ සහෝදරියක සිටින අතරම ඇගේ පියා ව්‍යාපාරිකයෙකු වශයෙන් කටයුතු කල බවයි අපිට දැනගන්නට ලැබුනේ.
ඒ වගේම නිල්මිනි තෙන්නකෝන් 1996 වසරේදී ජනප්‍රිය ගායකයෙකු වගේම රංගන ශිල්පියෙකු වන මධුමාධව අරවින්ද සමග විවාහ වන අතරම එම විවාහයෙන් ඇයට ශ්වේතා මණ්දාකිනී නම් ඉතාමත් රූමත් දියනියක් සිටිනවා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා පසුව දික්කසාද වනවා. මේ වන විට නිල්මිනි තෙන්නකෝන් තම දියණිය සමග සතුටින් කාලය ගත කරමින් සිටින අතරම ඇය සතුව රූපලාවන්යාගාරයක්ද පවතින බවත් අපට දැනගන්න ලැබුනා. ඉතින් අපි හැමෝම ආදරේ කරන නිල්මිනි තෙන්නකොන් සහ ඇගේ දියණියගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
11)
12)
13)
14)
15)
16)
17)
18)
19)
20)