ගොලු හදවතේ දම්මි වන අනුලා කරුණාතිලකගේ සොදුරු ඡායාරූප පෙලක්
අනුලා කරුණාතිලක කියන්නේ ශ්‍රී ලංකා සිනමා නිළියක් වගේම අති දක්ශ ප්‍රවීන රංගන ශිල්පිනියක්.1960 දශකයේ සිංහල සිනමාවේ ජනප්‍රියම නිළියක් වූ ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වුනේ “ගොලු හදවත”නම් චිත්‍රපටයේ ජනප්‍රිය චරිතය වන “දම්මි” ගේ චරිතය හරහායි.1962 දී දවස පුවත්පත විසින් සංවිධානය කරන ලද රූපලාවණ්‍ය තරඟයකදී ජ්‍යෙෂ්ඨ ෆිල්ම් සිනමා ක්‍රේශත්‍රයේ ප්‍රවීණයන් සමඟ පැවති හමුවක ප්‍රතිඵලයක් ලෙස තමා එතුමිය රංගන ක්රේශත්රයට යොමු වෙලා තියෙන්නේ.එතුමිය විසින් රග දැක් වූ වේදිකා නාට්‍ය ලෙස “බෝඩින්කාරයෝ”,”රන් තෝඩු” දක්වන්න පුලුවන් ඒ වගේම “අඹ යාළුවෝ”,”ගග අද්දර”,”රෝස කටු”,”සය වෙනි පටුමග”,”සේපාලිකා”,”තාරුකා”,”සෙනෙහසේ නිම්නය” ආදී ටෙලිනාටය සදහාද ඇය රංගනයෙන් දායක වෙලා තියනවා.සිනමාපට රැසකට ද ඇය රංගනයෙන් දායක වෙලා තියනවා ඒ අතර “ගම්පෙරලිය”,”වස්සානයේ සද”,”ටිකිරි සුවද”,”රන් දිය දහර”,”යකඩයා”,”නෑදෑයෝ”,”චන්ඩියා”,”සොදුරු යාළුවා”,”සීතල වතුර”,”පුංචි බබා”,”මී මැස්සෝ” කිහිපයකි. ඇයගේ රංගන කුසලතාවන් නිසා 1965 දී ජනප්‍රිය නිළිය ලෙසින් සරසවිය සම්මානය ද 1969 හොඳම නිළිය ලෙසින් සරසවිය සම්මානය ද 2011 වර්ෂයේ දී UV සුමතිපාල අනුස්මරණ සම්මානය ද දිනා ගැනිමට එතුමියට අවස්ථාව ලැබුනා. ඉතින් දැන් අපි බලමු මේ ප්‍රවීන රංගන ශිල්පිනියගේ ඔබ නොදැකපු දසුන් කිහිපයක්.
01.
02.
03.
04.
05.
06.
07.
08.
09.
10.
11.