කේක් වර්ගයක් එහෙම හැදුවා, අන්තිමට ඒක හරිගියා (ගයාත්රිගේ අලුත්ම ඡායාරූප සමග)
අපි හැමෝම දන්න ජන්ප්‍රිය රංගන ශිල්පිනියක් , දක්ශ නිවේදිකාවක් වගේම දක්ශ රෑපලාවන්ය ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියන්නෙ. මේ වෙනකොට ගයත්‍රි ඩයස් ලංකාවෙ බෝහෝ රංගන කටයුතු වලට දායක වෙලා තියෙනවා . ඒවගේම ලංකාවෙ ප්‍රසිද්ද නාලිකාවක ඇය නිවේදිකාවක් ලෙසද කටයුතු කලා. ඉතින් අද අපි අරගෙන ආවෙ අපි හැමෝම දන්න ගයත්‍රි ඩයස් එක්ක සිදු වුන කතාබහක කොටසකුයි.ඒ වගේම ඇගේ අලුත්ම ඡායාරූප ඔබට කතාබහ අවසානයේ දැකගන්න පුලුවන්.
ගයාත්‍රී ලස්සන වෙන්න විශේෂ කෑමබීම එහෙම ගන්නවද ?
අනේ නැහැ. මම එහෙම ලස්සන වෙන්න කියලා හිතලානම් මොකුත් කන්නෙ නෑ . ඒත් කන එක නම් ටිකක් හිතලාම අඩුකරලා තියෙන්නේ මහත්වෙන නිසා. ඊටඅමතරව ඉතින් තෙල්,මිරිස්,ලුණු කෑමවලට ටිකක් අඩුවෙන් යොදන්න පුරුදුවෙලා ඉන්නවා. ඇඟට විශේෂ දේවල් කියලා මොකවත් කන්නේනෑ
කුස්සියේ වැඩකරද්දි උදව්වට කවුරු එනවාටද කැමැති නැත්තන් තනියම වැඩකරන්නද කැමති?
ඇත්තම කියන්නම් හැබැයි කිව්වට විශ්වාස කරයි ද දන්නෙ නෑ, උයන වෙලාවට කුස්සියට කවුරුත් එනවට මම පොඩ්ඩක්වත් කැමැති නෑ. එතකොට මට හිතෙනවා මටඕන විදිහට වැඩකරගන්න බැරි විදිහක්. ඒ එක්කම ඉඩ ඇහිරෙන ගතියක් දැනෙනවා. ඒ නිසා මම ආසනෑ ඒකට
ගයත්රිට රසටම හදන්න පුළුවන් කෑම මොකක්ද?
එහෙම විශේෂයක් නෑ, ඕන කෑමවර්ගයක් රසට හදන්න හොඳ හැකියාවක් මට තියනවා. ගොඩක් අය කියනව මගේ කෑම රසයි කියලා.
වීඩියෝ හරි කාගෙන් අහගෙනද රසට කෑම හදන්නේ?
අපෝ නෑ, මගේ අම්මට, ලොකු අම්මට වගේම අපේ පවුලේ හැමෝටම හොදට කෑම හදන්න පුලුවන්. මම හිතන්නේ ඒක උපතින්ම ලැබුන දෙයක්. ඒ හැරෙන්න පුංචි පුංචි අත්හදා බැලීම් කරලා කෑම වර්ග හරියටම හදාගන්න පුරුදු වුණ වෙලාවල් තියනවා. මේ ඊයේ පෙරේදා කේක් වර්ගයක් එහෙම හැදුවා. අන්තිමට ඒක හරිගියා මාරම රසයි ඒක.
ඔබ ගොඩක් කාර්යබහුල නිසා කුස්සියේ වැඩ කරද්දී ෆේශල් එකක්, පැක් එකක් එහෙම දාගෙන වැඩකරන්න පුරුදුවෙලා ඉන්නවා ද?
නැහැ. රූපලාවන්‍ය ශිල්පිනියක්නිසා මම දන්නවා කුස්සියේ වැඩකරන වෙලාවට මුහුණට මෙනවා හරි දාන එක මොනතරම් අහිතකද කියලා. තෙල්,කුණු,දහඩිය නිතරම අප ශරීරයෙන් පිටවෙන වෙලාවක ශරීරයට හිතකර දෙයක් ඒ වෙලාවෙ කිරීම සුදුසු නැහැ. මම නම් කවදාවත් එහෙම කරලත් නෑ. කවුරුහරි එහෙම කරනවානම් කරන්නත් එපා කියන පනිවිඩය තමයි මේ වෙලාවෙ දෙන්න තියෙන්නේ. පැක් එකක් හෝ මොන යම් දෙයක් මුහුනට කරනවා නම් ඇත්තටම කරන්න ඕනේ මුලු ශරීරයම නිදහස්ව තියෙන වෙලාවක. වැඩ රාජකාරිවලින් බැහැර වෙලාවක.
ඇග ගැන හිතලා මොනවද කරන්නේ?
ගොඩක් වතුර බොන එකනම් කරනවා. වැඩ ඉවර වෙනකම්ම ෆ්‍රිජ් එකෙන් අයිස්වතුර අරන් බොන එක මගේ පුරුද්දක්. වතුර බොනඑක කොහොමත් ඇගට හොදයි නේ
නිවසේ සියලුදෙනාම ඔබ අතින් පිළියෙල කෙරෙන කෑමබීම නේද කන්න කැමති?
ඇත්තෙන්ම ඔව්. වෘත්තීය මට්ටමෙන් මම කොපමන ඉහලට ගියත් නිවසේදී මම බිරිදක්, මවක්. අනිත්දේ තමයි අම්ම කෙනෙකුගේ අතින් දවසේ කටයුතු මුලුතැන්ගෙයින් ආරම්භ වෙලා රාත්රියේදී පිරිසුදුව පිළිවෙලට කුස්සියක් තියනවා කියන්නේ ඒ දේ නිවසටත් ආශිර්වාදයක් වෙනවා.
ඉතින් ඔයාලට පහලින් අපි හැමෝම ආදරේකරන ගයාත්‍රිගෙ ඡායාරූප කිහිපයක් දැකගන්න පුලුවන්.
1)
2)
3)
4)
5)
6)
7)
8)
9)
10)
මේ වගේම අපි ඔයාලට තවත් ලස්සන ආටිකල් ගොඩක් ගෙනැත් තියෙනවා,පහලින් ඔයාට ඒව බලන්න පුලුවන්. ඒ වගේම මේ වගේ ලස්සන ආටිකල් බලන්න අපිත් එක්ක දිගටම රැදිල ඉන්න.යාලුවොන්ටත් බලන්න ශෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.