නිදි ඇඳේ සිටි පස් හැවැරදි දැරිය පැහැරගත් කාමා තුරයා කොටු කළ සෙරෙප්පුව
තාත්තාට තුරුලු වී නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් හොරෙන්ම උස්සාගෙන ගොස් එම දැරියට අතවර කිරීමට සැරසුණ පාපතරයකු ගැන පළ වූ පුවතක් සමාජය කලඹන්නට සමත් විය. මේ සිද්ධිය මාධ්‍යයට වාර්තා වී තිබුණේ පිළියන්දල පොලිස් ස්ථානයෙනි.
පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙක් එකිනෙකා එක්වී මත්පැන් සාදයක් පවත්වන්නේ පසුගියදාය. මත්පැනින් හොඳහැටි සන්තර්පණය වන තිදෙනාගෙන් එක් අයකු එදින රාත්‍රී 12.45ට පමණ නිවන්තිඩිය ප්‍රදේශයේ අඩක් නිම කරන ලද නිෙවසක් අසලට පැමිණෙන්නේ බමන මතිනි.
අදාළ නිෙවස අසල මොහොතකට රැඳුණු පුද්ගලයා නිෙවස දෙස සහ ඒ අවට විපරම් කරන්නේ උකුසු ඇසිනි. මේ නිෙවස දෙස බලා සිටින පුද්ගලයා දකින්නේ එහි කාමරයක ජනේලයක් ඉටි රෙද්දකින් ආවරණය කර ඇති බවය.
කිසිම බයක් සැකක් නැතිව ජනේලය අසලට යන මේ පුද්ගලයා ජනේලය ආවරණය කර තිබුණු ඉටි රෙද්ද ඉවත්කර හිමින් සීරුවේ නිවෙසට ඇතුළු වන්නේ පාපතර අරමුණිනි. එම කාමරයේ විසිත්ත කාමරයේ ඇඳක පියාට තුරුලු වී තද නින්දේ සිටින ළාබාල දැරිය මේ පුද්ගලයා දකින්නේ එහිදීය.
ඇඳ අසලට යන මේ පුද්ගලයා පියා සමඟ ඇඳේ නිදා සිටි පස් හැවිරිදි දැරිය නින්දෙන්ම ඔසවාගෙන ජනේලයෙන් පිටතට පැමිණ දැරිය වඩාගෙන ඒ අසල පිහිටි පුරන් කුඹුරක් සහිත වෙල් යායේ තාප්පයක් අසලට රැගෙන යන්නේ උරහිස මත තබාගෙනය.
දැරිය මෙලෙස පියා සමඟ එක ඇඳේ නින්දට ගොස් සිටියේ දැරියගේ මව පැපොල රෝගය සැදී වෙනත් කාමරයක නිදා සිටි බැවිනි.
පාපතරයා දැරිය ඔසවාගෙන යන්නට කලින් දැරියගේ මව දැරිය නිදා සිටි ඇඳ අසලට ඇගේ මව සමඟ පැමිණ දැරිය නිදන දෙස බලා නැවත කාමරයට ගොස් තිබිණි. ඇය එලෙස ඒ මොහොතේ ඇගේ මව සමඟ එතැනට පැමිණ ඇත්තේ නාන කාමරයට ගොස් නැවත තමන්ගේ කාමරයට එන අතරේදීය.
නින්දත් නොනින්දත් අතර සිටි මවට නිවෙසේ විසිත්ත කාමරය දෙසින් කිසියම් ශබ්දයක් ඇසෙන්නේ ඔය අතරතුරදීය. එම ශබ්දයට කන යොමා සිටි ඇය නැවත අවදිව මව සමඟ විසිත්ත කාමරයට පැමිණ බලද්දී සැමියා සමඟ සයනයේ සිටි දියණිය නොමැති බව දැක විලාප දීම නිසා සැමියාද අවදිව බලද්දී දරුවා නැති බව දැන නිෙවස ඇතුළේ සෝදිසි කර ඇත්තේ දැරිය නිදිමතේම ඇඳෙන් බැස නිෙවස ඇතුළත කිසියම් තැනකට ගොස් ඇත්දැයි යන සැකයෙනි.
දරුවා නිවෙසේ නොමැති බව දැනගත් මවුපියෝ දොර හැර බලද්දී නිවෙසට මඳක් ඈතින් පිහිටි පුරන් කුඹුරක සිට දැරිය කෑගසනු ඇසී ඇත්තේ දැරියගේ මිත්තණියටය. ඇය ඒ බව වහාම දැරියගේ පියාට පැවසුවාය.
දැරියගේ පියා දැරියගේ කෑගැසීම ඇසුණු දෙසට කළුවරේම දුවගෙන ගොස් ඇත්තේ දැරියට කිසියම් අනතුරක් වී ඇත්දැයි සිතමිනි. පුරන් කුඹුරේ අත්හැර දමා තිබුණු ස්ථානයක හඬමින් සිටි දැරිය පියාට හමු වී ඇත්තේ එහිදීය. දැරියගේ පියා ඒ මොහොතේම මේ ගැන පැමිණිලි කරන්නේ පිළියන්දල පොලිසියටය. පැමිණිල්ල ලැබුණු මොහොතේම ක්‍රියාත්මක වූ පිළියන්දල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර ඇතුළු කණ්ඩායමක් නිවන්තිඩිය ප්‍රදේශයට පැමිණ විමර්ශන ආරම්භ කරන්නේ සාක්ෂිද සටහන් කර ගැනීමෙන් අනතුරුවය.
ගම්වාසින්ද ඒ වන විට මේ සිද්ධිය දැනගෙන එහි එක්රොක් වී සිටි අතර ගම්වාසින්ගෙන් පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර වැදගත් තොරතුරක් ලැබෙන්නේ ඔය අතරය.
එම තොරතුරට අනුව විමර්ශන සිදු කළ පොලිස් පරීක්ෂකවරයා, දැරිය දමා ගොස් සිටි පුරන් කුඹුර ආශ්රිත ප්‍රදේශය සෝදිසි කරද්දී ඉංග්‍රීසි අකුරු හතරක් සඳහන් රබර් සෙරෙප්පුවක් සොයා ගෙන තිබිණි. සෙරෙප්පුවේ හෝඩුවාවෙන් දීර්ඝ පරීක්ෂණයක නිරත වූ පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර ඇතුළු කණ්ඩායම දැරියගේ නිවෙසේ සිට මීටර 400ක් පමණ ඈතින් පිහිටි නිවෙසක් පරීක්ෂාකර එහි සිටි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගන්නේ ප්‍රශ්න කිරීම සඳහාය. එම නිෙවස පිහිටා තිබුණේ පිළියන්දල නිවන්තිඩිය සියඹලාගස්හේන ප්රදේශයේය.
මෙලෙස ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නා ලද සැකකරු 17 හැවිරිදි අයෙකි.
දැරිය දමා ගොස් සිටි ස්ථානයේ තිබියදී සොයාගත් සෙරෙප්පුව පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ මවට පෙන්වද්දී සැකකරුගේ මව එය තමාගේ පුතුට අයත් සෙරෙප්පුවක් බව හඳුනාගෙන තිබිණි.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණීමට මොහොතකට පෙර මේ සැකකරුද ගම්වාසීන් සමඟ දැරියගේ නිවෙස අසලට පැමිණ දැරිය සොයා ඇති බවද හෙළි වී තිබේ. මේ බව පොලිසියට පවසා ඇත්තේ ගම්වැසියන් විසිනි.
පොලිස් නිලධාරීන් මේ සැකකරුගෙන් දැරිය පැහැරගෙන යාම පිළිබඳ ප්‍රශ්න කරන්නෙ ඉන් අනතුරුවය. සැකකරු ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට පවසා ඇත්තේ මීට මාස දෙකකට ආසන්න කාලයක සිට තමා මේ දැරිය ‘ලබා ගැනීමේ’ ආශාවෙන් පසුවූ බවකි. ඒ නිසා දැරිය ගැන තමන් අවධානයෙන් පසු වූ බවද ඔහු පොලිසියට පවසා තිබේ.
දැරිය කළුබෝවිල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබුණි. සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී එල්. වික්‍රමසිංහගේ අධීක්ෂණයෙන් පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගමගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, සැරයන් (56958) ප්‍රසන්න, කොස්තාපල් (90068) රත්නායක ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරති.
ඡායාරූප බණ්ඩාරගම බිමල් ජයසිංහ
දීපාල් සමරසේකර
උපුටා ගැනීම- සිළුමිණ