ජාතික ආරක්ශාව ගැන නාමල් ජනාධිපති අනුරගෙන් කල අලුත්ම ඉල්ලීම
මෙරට ජාතික ආරක්ෂාව යළි තහවුරු කිරීමට ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතු බව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා
ඔහු මේ බව සඳහන් කළේ හැටන් නගරයේ පැවැනි ජන හමුවකට එක්වෙමින්
එහි දී ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර කාර්යාල, න්යාපන කාර්යාල ජාන්‍යන්තර බුද්ධි අංශ සමඟ සාකච්ඡා කර අපේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කියන විශ්වාසය ගොඩනගන්න ලෙසයි
ඒ වෙනුවෙන් වන්මන් ආණ්ඩුවට වගකීමක් තිබෙන බව ඔහු මෙහිදී කියා සිටියා.
රටේ බුද්ධි අංශය, හමුදාව මෙන්ම පොලිසිය ශක්තිමත් කළොන් මේ සියළු දේට මුහුණ දෙන්න හැකියාවක් ඇති බව නාමල් රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියා සිටියා
උපුටාගැනීම: හිරු නිව්ස්