ටික්ටොක් වීඩියෝවක් නිසා ගොඩක් දෙනෙක් මට අපහාසත්මක දේවල් කිව්වා – යොහානි
නව පරපුරේ නිළියක් වන යොහානි හෙට්ටිආරච්චි පාරාදීසේ සහ හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයවල ඉදිරිපත් කරන වෙනස් රංගනය නිසා ඇය ගැන මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වෙලා තියනවා.
යොහානි මේ දවස්වල වැඩිපුර ප්‍රසිද්ධ පාරාදීසේ නිෂා විදිහටද? හිරිපොද වැස්සෙ මෙතූ විදිහටද?
කලා ක්ෂේත්රය හා සම්බන්ධව ගලාගෙන යන පාරදීසේ ටෙලි නාට්‍යයේ නිෂා විදිහට වගේම හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ මෙතූ විදිහට මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිළියක් වෙන්න හීන දකින නිළියක් වෙලා ක්ෂේත්රයේ යන ගමන ගැන සහ කලා ක්ෂේත්රය ගැන කියන ටෙලිනාට්‍යයක් නිසා පාරාදීසෙ මට විශේෂයි. ඒ වගේම පාසල් කාලයේදි දැනෙන ආදර හැඟීම් ආදර සම්බන්ධතා ගැන කියන ටෙලිනාට්‍යයක් විදිහට හිරිපොද වැස්සත් විශේෂයි.
යොහානිගේ රංගන ජීවිතයේ ආරම්භය වුණේ කොහොමද?
ළමා නිවේදිකාවක් විදිහට මට පුංචි පැංචි වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ මගින් ඇතිවුණ ජනප්‍රියතාවත් එක්ක රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ විදිහට රංගන ක්ෂේත්රයට ඇවිත් චිත්‍රපට දහයකට වැඩිය වගේම ටෙලි නාට්‍යයත් දහයකට කිට්ටුව රඟපාලා තියනවා.
ළාබල වයසකදි නිළියක් වෙනවට පවුලෙ අය කැමැති වුණාද?
අම්මයි තාත්තයි මගේ හැකියාව අඳුරගෙන ඉස්සරහට යන්න පුංචිකාලෙ ඉඳලා මට ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා. එයාලගේ බලාපොරොත්තුවක් තිබුණා කවදාහරි රංගන හැකියාවෙන් මම රටේ හොඳ තැනකට එයි කියලා.
පාරාදීසේ ටෙලි නාට්‍යයේ වගේ යොහානි රංගන ක්ෂේත්රයට එනකොට අයුතු යෝජනාවලට මුහුණ දෙන්න වුණාද?
අයුතු යෝජනා ලිංගික බලපෑම් ඕනෑම ක්ෂේත්රයක වෙන්න පුළුවන් දේවල්. තමන් දැනගන්න ඕන ඒ දේවල්වලින් ආරක්ෂා වෙලා හැකියාවෙන් ක්ෂේත්රයේ දුර යන්න.මම රංගන ක්ෂේත්රයට ආවේ ගොඩක් පොඩි කාලෙ නිසා අම්මයි තාත්තයි නිතරම මගේ ආරක්ෂාවට හිටියා. ඒ නිසා අයුතු යෝජනා ආවේ නැහැ.
යොහානිට සෑහෙන්න කටකතා හැදිලා තියනවා…
අපොයි ඔව්, කටකතා නම් ඕනාතරම් හැදිලා තියනවා. පහුගිය දවස්වල රූපවාහිනී වැඩසටහනක් අතරතුරදි රන්ජන් රාමනායක එක්ක කරපු ටික්ටොක් වීඩියෝවක් නිසා ගොඩක් දෙනෙක් මට අපහාසත්මක දේවල් කිව්වා. ඒ වගේම සමහරු මඩ ගහනවා වයසට වැඩිය මෝරපු ඇඟක් මට තියෙන්නෙ කියලා.
කටකතාවලට මුහුණ දුන්නෙ කොහොමද?
වැරැද්දක් නැතුව අපහාස කරනකොට මට ගොඩක් දුක හිතුණා. නවත්තන්නෙ නැතුව දිගන් දිගටම අපහාස කරනකොට මට හොඳ ධෛර්යයක් ඇතිවුණා ඒ දේවල්වලට මුහුණ දෙන්න. දැන් කොච්චර කටකතා ගෙතුවත් මඩ ගැහුවත් ගාණක් නැහැ. ඒ වගේම තමයි මම වගේ වයසට වැඩිය වර්ධනයක් පේන ගෑනු ළමයි තව රටේ ඕන තරම් ඉන්නවා. ජානවලින් පැවත එන ඇඟේ හැඩය, ආහාර රටා පුරුදු නිසා වයසට වැඩිය ඇඟ මෝරපු පෙනුමක් ඇති වෙනවා.ඒක සාමාන්‍ය දෙයක් මිසක කාවවත් අපහසුතාවට පත්වෙන විදිහට මඩගහන්න තරම් දෙයක් නෙමෙයි.
යොහානි ඇඟ පවත්වගෙන යන්නෙ මොන විදිහටද?
මම වැඩිය ඇඟේ පැවැත්ම ගැන හිතන්නෙ නැතුව හොඳට කනවා බෙනවා. ඒ නිසා බෝලෙ වගේ නිතරම මහතයි.
හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ වගේම ආදරය ඉල්ලගෙන කොල්ලො නිතරම යොහානිගේ පස්සෙන් එනවා කියලා ආරංචියි..
තරුණ කාලෙදි කොල්ලො කෙල්ලො අතර ආදරය සාමාන්‍ය දෙයක්. ඉස්කෝලේ යනකාලෙ ඉඳලා මේ වෙනකන්ම මගෙනුත් ආදරය ඉල්ලගෙන කොල්ලො පස්සෙන් එනවා.
ඒ විදිහට පස්සෙන් ආපු කෙනෙක්ට ආදරය දීලා නැද්ද?
මේ වෙද්දි නම් ඒ විදිහට පස්සෙන් ආපු කෙනෙක්ට ආදරය දීලා ඉවරයි. ඔහු මාත් එක්ක එකට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න පිරිමි ළමයෙක්.
පෙම්වතාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
දැන් දීර්ඝ කාලයක් තිස්සෙ අපි දෙන්නා පෙම්වතුන් වෙලා ඉන්නෙ. ඉතින් රංගන කටයුතුවලදි නිර්මාණ තෝරගැනීම්වලදි ඔහු හොඳ සහයෝගයක් දෙනවා වගේම රූගතකිරීම්වලදි මට ආරක්ෂාව සලසනවා. ව්‍යාජ කටකතා මඩ ප්‍රහාරවලට සැලෙන්නෙ නැතුව ක්ෂේත්රයේ ඉදිරියට යන්න පෙම්වතා ගොඩක් උදව් කරනවා.