මම මැලේසියා වල Travel කලේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක
මෙවර Star Travel විශේෂාංගය තුළින් සඳැල්ල සමඟ එකතු වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන ගීත්මා බණ්ඩාර.
ගීත්මාට Travel ගැන මොනවද කියන්න තියෙන්නේ ?
මම ඇවිදින්න ගොඩක් කැමති කෙනෙක්. හැම වෙලාවෙම කොහෙ හරි යන්න කැමතියි. ඒක ලංකාවේ පිටරට කියලා වෙනසක් නැහැ. පුංචි කාලේ ලොකුවට නමි Travel කරපු කෙනෙක් නෙමෙයි. ඒ නිසා දැන් පුළුවන් හැම වෙලාවේම Travel කරන්න තමයි බලන්නේ.
ගීත්මා වැඩිපුරම travel කරන්නේ කා එක්ක ද ?
Travel කරන්නම හදපු අපේ යාලුවෝ ඉන්න ගෘෘප් එකක් තියනවා. ඒ අයත් එක්ක තමයි වැඩිපුරම ඇවිදින්න යන්නේ. අපේ සෙට් එකේ 13 දෙනෙක් විතර ඉන්නවා. ඉතින් කණ්ඩායමේ විවිධ අය ඉන්නවා. සමහරු අය නුවර යන්න කැමතියි. සමහරු ගාල්ල මාතර යන්න කැමතියි. ඉතින් කලින් කට්ටියම එකතු වෙලා ප්ලෑන් කරලා තමයි Travel කරන්න යන්නේ. මේ දවස් වල නමි අපිට Travel කරන්න වෙන්නේ නැහැ මොකද අපේ ටීම් එකේ ගෑනු ළමයි දෙන්නෙකුට දරුවන් ලැබිලා ඉන්නවා.
ගීත්මා ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ කොහෙද ?
නුවරඑළියේ තමයි මම වැඩිපුරම Travel කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුද්දකට දහ දොළොස් වතාවක් නුවරඑළියේ යනවා. ඒ වගේම කොච්චර ගියත්, ආයේමත් යන්න කැමති තැනක් තමයි නුවරඑළිය කියන්නේ. තව ලංකාවේ ගොඩක් තැන්වල මම ඇවිදින්න ගිහින් තියෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල, යාපනය, ත්‍රිකුණාමලය වගේම දකුණු පළාතේ නම් ගාල්ල, මාතර, ඒ වගේම මහනුවර දළදා මාලිගාවට වගේ තැන්වල ගිහින් තියෙනවා. වැඩිපුරම නුවර එළියට කැමති ඒ යන මග තියෙන සුන්දරත්වය වගේම හෙමින් සැරේ කඳු පාරවල් වල යන්න පුළුවන් නිසා එහෙ තියෙන දේශගුණය වෙනම හැඟීමක්. මම ගොඩක් සීතලට කැමති කෙනෙක් නෙමෙයි. නමුත් ඒ පළාතේ කඳු වලින් වට වුණු පරිසරයට හරිම කැමතියි.
ගීත්මා පිටරටවල Travel කරලා තියෙනවා ද ?
පිටරට ගොඩක් Travel කරලා නැහැ. මගේ අධ්‍යාපන වැඩකටයුතු එක්ක කාර්යබහුල වුණ නිසා මට වෙලාවක් ලැබුණේ නැහැ. මම දැනට Travel කරලා තියෙන්නේ මැලේසියාවට විතරයි. මාසයක් විතර මම මැලේසියාවේ Travel කළා. ඒ නිසා තව අවුරුදු 10කට 15 කට වගේ මැලේසියාවට යන්න ඕනේ නැහැ. මම මැලේසියා වල Travel කලේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක. ඉතින් මැලේසියා වල විනෝද වෙන්න පුළුවන් උපරිම විනෝද වුණා, ලස්සන තැන් බලන්න ගියා. හරිම සුන්දර ගමනක්. ඊළඟට ඩුබායි. සිංගප්පුරුවට, තායිලන්තයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ගීත්මාට Travel කරද්දී කන්න ලැබුණු රස කෑම මොනවද ?
අපි නුවරඑළියේ ගිහින් නතර වෙලා ඉන්නේ හොටෙල් එකක. ඉතින් එහෙ දේශගුණයත් එක්ක උදේ කෑම විදියට හම්බෙන්නේ පොල්සම්බෝලයි, පරිප්පුයි බතුත් එක්ක. ඒ කෑම එක රස්නෙන් උදේට කද්දී හරිම රසයි. මොකද සීතල එක්ක බඩගිනි එනවනේ ඒ නිසා ඒ කෑම එක හරිම රසයි. මැලේසියා වල Travel කළ අවස්ථාවේ නම් මම සාමාන්‍යයෙන් ඉන්දියන් ෆුඩ්ස් කන කෙනෙක් නෙමෙයි. නමුත් එහේ වැඩිපුරම තියෙන්නේ නාසි ලෙමක් කියලා එකක්. ඒක සාමාන්‍යයෙන් ගදයි. නමුත් මට කන්න දෙයක් තිබුණේ නැහැ. අන්තිමට මට ඉන්දියන් ෆුඩ්ස් සහ නුඩ්ල්ස් කන්න සිද්ද වුණා. මම නුඩ්ල්ස් කන කෙනෙකුත් නෙමෙයි.
Travel කරන එක ගැන ගීත්මාට මොකද හිතෙන්නේ ?
ඇත්තටම Travel කරනවා කියන්නේ හොද විනෝදාංශයක්. ඕනෑම කෙනෙකුට තමන් විවේකයෙන් විනෝදයෙන් ඉන්න වෙලාවට තමන් කැමති දේ කරන්න ලැබෙන හොද වෙලාවක්. අපිට මේ රටේ ලෝකේ ලේසියෙන් දකින්න නොලැබෙන, නොහිතන දේවල් තියෙනවා ඒ දේවල් බලන්න යන්න, ලස්සන අත්දැකීම් ලබන්න හොද දෙයක් Travel කරනවා කියන්නේ.
ගීත්මා ජීවිතේ කවදහරි දවසක යන්න ආසාවෙන් ඉන්න තැන් මොනවද ?
මම කැමති ස්විට්සර්ලන්තේ ජීවත් වෙන්න. ජිවිත කාලෙම නෙමෙයි. නමුත් ජිවිතේ ඒ වගේ තැනක සැඳෑ සමය ගත කරන්න ඒ වගේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේදී වෙනත් රටවල්වල Travel කරන්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ගීත්මාට Travel කරද්දි සිදු වුණු අමතක නොවෙන රසබර මතක මොනව ද ?
හොඳම මතකය තියෙන්නේ මැලේසියා වල Travel කරන්න ගිය අවස්ථාවේදී. මම බෝයිෆ්‍රෙන්ඩ් එක්ක තමයි මැලේසියාවට ගියේ. එක පාරටම එයා බය වෙලා පර්ස් එක හොයනවා. නමුත් පර්ස් එක එයා ළඟ තියාගෙන තමයි සැරෙන් සැරේ බය වෙලා පර්ස් එක හොයන්නේ. ඔය විදියට එක පාරක් Traveling බෑග් එක බිම තියලාත් පර්ස් එක හොයනවා. ඒක ඇත්තටම මතක් වෙද්දිත් හිනා යනවා තවමත්.
අමා අලහකෝන්
උපුටාගැනීම: සාරවිට