ලබන වසරට අවශ්‍ය ඖෂධ ඇනවුම් කර නෑ
ලබන වසර සඳහා ඇණවුම් කළ යුතු ඖෂධ නියමිත පරිදි ඇනවුම් කර නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කෙසේ වෙතත් එම ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය වේගයෙන් සිදුකරගෙන යන බවද අමාත්‍යවරයා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධය සාකච්ඡාවේදී සඳහන් කළේය.
ජනතාවට අවශ්‍ය හිඟයකින් තොරව ලබන වසරේදී ලබාදීමට කටයුතු කරන බවත් ඒ සියල්ල විධිමත් කරගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.