කොළඹ සිට යාපනය බලා දාවනය වූ බස් රථයක් අධික වර්ෂාව හේතුවෙන් පෙරළී යයි.
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මැදවච්චිය පූනෑව මහකුඹුගොල්ලෑව ප්රදේශයේදී පෙරළී යාම නිසා එක් කාන්තාවක් මියගොස් තවත් හතර දෙනෙකු ඊයේ (26 දා) තුවාල ලබා තිබේ.
තුවාල කරුවන් වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර මියගිය කාන්තාවද රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ වවුනියාවේ පදිංචිකාරියක් වන 54 හැවිරිදි හෘද රෝගී කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී ඇත.
– දිවයින