ඇගිලි සලකුනු යන්ත්‍ර සවිකලාට සෞඛ්‍යය වුර්තීය සමිතියක් විරෝධය දක්වයි
ඇතැම් පළාත් සභා රෝහල්වල සේවය කරන පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සේවයට පැමිණීම හා පිටවීම සලකුණු කිරීම ඇඟිලි සලකුණු යන්ත්‍ර හරහා සිදුකිරීමට තීරණය කර තිබෙන බව පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය සඳහන් කරයි.
තෝරාගත් වෘත්තිකයන්ට පමණක් මෙම නීතිය ක්‍රියාත්මක කරන නිසා එයට විරෝධය දක්වන බවත්, මේ නිසා මෙම ක්‍රියාව වහාම නවතා දැමිය යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල සමහර පරිපාලකයන් පහුගිය කාලයේ සෞඛ්‍ය සේවාවේ තෝරාගත් වෘත්තිකයන්ට පමණක් පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කරන ලෙස උපදෙස් ලබාදුන් බවද සඳහන් කරයි.
තෝරාගත් ක්ෂේත්රවලට පමණක් මෙම ක්‍රමය හඳුන්වා දුන් නිසා එයට විරෝධය දැක්වූ බවත්, මේ නිසා එම ක්‍රමය අහසි කරගත් බවත්, නැවතත් එම ක්‍රමය ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවද පෙන්වා දෙයි.
පොදුවේ සියලුම සේවකයන්ට ඇඟිලි සලකුණු ක්‍රමය ක්‍රියාත්මක කරනු ලබනවා නම් ඒ සඳහා පූර්ණ සහාය ලබා දෙන බවත්, එහෙත් එක් කණ්ඩායමකට පමණක් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවද පෙන්වා දෙයි.
පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තිකයන් සාමාන්‍ය රාජකාරියෙන් පසු රෝගියෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් සිදුකරන ඕනෑම කැඳවීමකදී සේවාව අඛණ්ඩව ලබා දෙන ඇමතුම් රාජකාරි සේවාවට අයත් වෘත්තික කණ්ඩායමක් බවද සඳහන් කරයි.
මෙම වෘත්තිකයන් ඉටුකරන ඇමතුම් සේවා සඳහා රජය විසින් ප්‍රවාහන දීමනාවක් හෝ ප්‍රවාහන පහසුකම් සැපයීමක්, තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමක් හෝ සිදු නොකළත් රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් නිලධාරීන් තවදුරටත් සේවාව දෙන බවද ඔවුන් පෙන්වා දෙයි.
පසුගිය කාලයේදී තෝරාගත් වෘත්තික කණ්ඩායම්වලට පමණක් විශේෂ වරප්‍රසාද ලබා දෙමින් සිදු කළ ආකාරයේ හැසිරීමක් නව රජය යටතේ සිදුනොවනු ඇති බව බලාපොරොත්තු වන බවත්, නව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව ඔවුන්ගේ විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද සඳහන් කරයි.