ගිනි මිලට පොල් කාපු කාලේ ඉවරයි නොසිතු මිලකට පොල් ගන්න තැනක්.
ඉදිරි සති දෙක ඇතුළත පොල් ගෙඩි ලක්ෂ 10ක් තදාසන්න ප්‍රදේශවල බෙදා හැරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී ය.
ඒ අනුව, පොල් ගෙඩියක් රුපියල් 130ක මුදලකට සතොස හරහා ජනතාවට ලබා ගැනීමට හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ, නගරාසන්න ප්‍රදේශවල සිටින ජනතාව උග්‍ර පොල් ගැටලුවකට මුහුණ දෙන බව ත් එයට විසඳුම් ලෙස රජයේ ආයතන සතු වතුවල ඇති පොල් නිෂ්පාදන මෙලෙස ඉදිරි සති දෙක ඇතුළත ලබා ගැනීමට අමාත්‍යාංශ හරහා කටයුතු කරන බව ත් ය.