රජයෙන් සහල් ප්‍රශ්නයට විසදමුක් දිනකට හාල් කිලෝ 2ක්.
වෙළඳපොළ තුළ පවතින සහල් හිඟයට විසඳුමක් ලෙස දිනකට සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 2ක් සතොස මගින් බෙදා හැරීමට රජය තීරණය කර තිබේ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ය.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සතොස හරහා සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 220කට මිල දී ගැනීමට හැකි බව ය.
වෙළඳපොළ තුළ පවතින සහල් හිඟය පිළිබඳව මෝල් හිමියන් සමග සාකච්ඡා කළ ඔහු පැවසීය.
අමාත්‍යවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, සහල් නිදහස් කිරීමට නොහැකි වී ඇත්තේ බැංකුවල පවතින ගැටලුවක් නිසා බව මෝල් හිමියන් ප්‍රකාශ කළ බව ය.
– mawbima –