ලබන 10දා සිට කාලගුණයේ දැවැන්ත වෙනසක්
නැගෙනහිර තරංගාකාර කැළඹිලි ස්වභාවය ඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය කෙරෙහි බලපෑම් ඇති කිරීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ හේතුවෙන් ලබන 10වැන්දා සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවද එහි සඳහන් කර ඇත.
එමෙන්ම මෙම තත්ත්වයත් සමග දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වයද ක්‍රමයෙන් ස්ථාපිත වනු ඇති බවට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර අද (07දා) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කර සිටියේය.