හදුනා නොගත් උණ රෝගයක් මෙරට පැතිරෙයි දින දෙකක් තුල තුන් දෙනෙකු මි ය යයි
හදීසි උණරෝගයක් වැළඳීම හේතුවෙන් යාපනය ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ රෝගීන්ගෙන් තුන් දෙනෙකු දින දෙකක් තුල මියයාම සම්බන්ධයෙන් අද (10) සිට පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය රෝහල් අධ්‍යක්ෂක ටී. සත්‍යමූර්ති මහතා පවසා සිටියේය.
යාපනය ශීක්ෂණ රෝහලේ අධ්යක්ෂ ටී.සත්‍යමූර්ති මහතා ප්‍රකාශ කලේ එලෙස මියගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් කීපයක් වැඩිදුර පරීක්ෂණ සදහා කොළඹට යවා ඇති බවයි.
උණ රෝගය වැළදීම නිසා මෙලෙස පුද්ගලයින් රෝහල් ගතව සිටියදී මියගොස් ඇතත් එම උණ රෝගය නිශ්චය වශයෙන් මෙතෙක් හදුණා ගැනීමට පෙර ඔවුන් මියගොස් තිබීම නිසා රෝහලේ වෛද්‍යවරු බරපතල ප්‍රශ්නයකට මුහුණ් පා ඇත.
යාපනයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු හා නාවට්කුලි ප්‍රදේශයේ වයස අවුරුදු 32 ක පුද්ගලයෙකු මෙන්ම කිළිනොච්චිය රෝහලෙන් යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කල වයස අවුරුදු 28 ක පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබේ.
යාපනය ශීක්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කලේ උණ හා කැස්ස වැළදී ඇති රෝගීන් වහාම ළගම පිහිටි රජයේ රෝහල වෙත ගොස් රුධිර සාම්පල පරීක්ෂාවක් සිදු කර ගැනීම ඉතා වැදගත් බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංක
Lanka C news