ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආයනය සඳහා ටෙන්ඩර් කැඳවා තිබේ.
ඒ, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසිනි.
ලබන 3 වැනි දා දක්වා ටෙන්ඩර් කැඳවීම සිදු කෙරෙන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි චමිලා ඉද්දමල්ගොඩ මහත්මිය පැවසුවාය.
ඇය පෙන්වා දුන්නේ, ලුණු ආනයනය කර කර්මාන්ත අමාත්‍යංශය හරහා ලුණු කර්මාන්තකරුවන්ට ලබාදීමට පියවර ගන්නා බවයි.
අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව 2025 වසරේ ජනවාරි මස 31 හෝ ඊට පෙර ලංකාවට ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය දා හිමිවිය.
උපුටාගැනීම: අරුණ