නාමල් නීති උපාධිය ගත් විදිහ හොයන්න පරීක්ශනයක් ?
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2010 වසරේ නීති උපාධිය ලබා ගැනීමේදී වංචනිකව විභාග සඳහා පෙනී සිටීම පිළිබඳව පැමිණිලි කළ නීති ශිෂ්‍යයාට තර්ජනය කර වංචනිකව නීති උපාධිය ලබා ගැනීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අද (16) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වුණා.
මෙලෙස පැමිණිල්ලක් සිදුකරනු ලැබුවේ අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර විසින්.
පැමිණිල්ල සිදු කිරීමට පැමිණි අවස්ථාවේ සභාපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, නාමල් රාජපක්ෂගේ නීති විභාගය පිළිබඳව පැමිණිලි කිරීමට ගිය ශිෂ්‍යයෙකුට දිගින් දිගටම තර්ජන ගර්ජන සිදුව ඇති බවත් මේවන විට එම ශිෂ්‍යයා විදෙස්ගතව සිටින බවත් මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා තමන් පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් ය.