දීප ව්‍යාප්ත බස්රථ පරීක්ෂාවක් ඇරැඹෙයි
දීප ව්‍යාප්තව මගී ප්‍රවාහන බස් රථ පරීක්ෂාවක් ආරම්භ කර ඇතැයි, පොලීසිය පවසයි.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, රිය අනතුරු වාර්තාවීම ඉහළයෑම, ඊට හේතුවී ඇති බවයි.
රියදුරන් මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කරන බවට ද, තොරතුරු ලැබී ඇත.
ඒ අනුව අපරික්ෂාකාරීව ධාවනය වන මගී ප්‍රවාහන බස් රථ පිළිබඳ තොරතුරු, 119 හෝ 1997 යන දුරකතන අංකවලට දැනුම් දෙන්නැයි, වැඩබලන පොලිස්පතිවරයා ජනතාවට දැනුම් දෙයි.