පුංචි පැංචි ප්‍රමුදි නැවතත් මව් පදවියට
පුංචි කාලයේදීම රංගනයට අවතීර්ණ වෙන්න අවස්ථාව හිමිකරගත් ඇය අද වෙනකොට කලා කටයුතුවල ඒ තරම් නියැලෙන්නේ නැතිවුණත්, ඇයට ලැබෙන ආදරය, ඒ ජනප්‍රියත්වය අඩුවක් වෙලා නම් නැහැ..
කා ගැනද මේ කතාව, ප්‍රමුදි කරුණාරත්න.. කවුරුත් ආදරය කරන ඇය ඔන්න ආයේ වතාවක් මව් පදවිය ලබන්න සූදානමින් ඉන්නවා..
මේ වෙනකොටත් දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය මේ වතාවේ සිහින මවන්නේ පුංචි පුතෙකුගේ අම්මා කෙනෙක් වෙන්නද..?
තවමත් ඒ ගැන හරි හැටි කියා නැති ඇය, කොහොම වුණත් මේ සුබ පණිවිඩය ඇයට ආදරය කරන රසික රසිකාවියන්ට ලබාදෙන ගමන් මේ වගේ ලස්සන ඡායාරූප පෙළකුත් එකතු කරලා තිබුණ අපූරුව මේ බලන්නකෝ..
උපුටාගැනීම: හිරු ගොසිප්