ගුටිකෙලියකින් අවසන් වුනු මගී බස් ධාවන තරගය
කඩුවෙල නගරයේදි පානදුර – නුවර පෞද්ගලික මගී බස් රථයක සිටි කොන්දොස්තරවරයෙකුට සහ එහි රියදුරාට එල්ල වූ ප්රහාරයකින් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අප වාර්තාකරු පැවසුවේ අද උදෑසන 4.30ට පමණ කඩුවෙල නගරයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි.
පානදුර – නුවර මාර්ගයේ ධාවනය වූ ND 5971 මගී බස් රථය හරස් කර ND 0213 අංකය දරණ මගී බස් රථයේ සිටි කොන්දොස්තරවරයා සහ රියදුරා විසින් මෙම ප්රහාරය එල්ල කර තිබුණි.
ප්රහාරය එල්ල කරනු ලැබූ රියදුරු සහ කොන්දොස්තරගේ බස් රථය පසුකර අනෙක් බස් රථය ධාවනය කිරීම මෙම ප්රහාරයට හේතු වී තිබේ.
එම අවස්ථාවේ අදාළ බස් රථයේ මගීන් ද විශාල පිරිසක් සිට ඇති අතර, එම ප්රහාරය එල්ල කරන ආකාරය බස් රථයේ සවිකර ඇති CCTV කැමරාවල සටහන්ව තිබේ .
ප්රහාරයට ලක්වූ රියදුරා සහ කොන්දොස්තරවරයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කෙරුණු අතර මේ පිලිබඳ කඩුවෙල පොලීසියට පැමිණිලි කර ඇත.
උපුටාගැනීම: අරුණ