හිටි හැටියේ වැසි සහ සුළං – කාලගුණයෙන් විශේශ දැනුම්දීමක්
කියන්න යන්නේ කාලගුණයේ සිදුවෙන වෙනසක් ගැන ඇසෙන කතාවයි..
උතුරු, උතුරු -මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට (10) සිට ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා..
ඒ අනුව, එම ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ..
එමෙන්ම උතුරු, නැගෙනහිර, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි..