ජීප් රියක් අත් ට්‍රැක්ටර් අංකයෙන් ලියාපදිංචි කල හිටපු මන්ත්‍රී පියාට වැඩ වරදී
නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද ජීප් රථයක් අත්ට්‍රැක්ටරයක ලියාපදිංචි අංකයකින් ලියාපදිංචි කර භාවිත කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු නාගරික මන්ත්‍රීවරයකුගේ පියෙක් වලාන මාධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත ප්‍ර දේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අත්අඩංගුවට ගත් ජීප් රථය මුල් ලියාපදිංචියේ සිටි වසර 20 කට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර නොමැතිව ධාවනය කර ඇති බවත් රජයට හිමිවිය යුතු බදු මුදල් කෝටි ගණනින් වංචා කර ඇති බවද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගේ සහෝදරයා විසින් මීට පෙර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අනාවරණය කරගත් වාහන 404 කට අදාල කූඨ ලේඛන සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි.