ලංකාව ගොඩ යන ලකුණු චීනයෙන් ඩොලර් බිලියන 10ක ආයෝජන
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයෙන් පසු මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක පමණ ආයෝජනය චීන සමාගම්වලින් ගෙන්වා ගැනීමේ අවස්ථාව උදා වී තිබේ.
රාජ්‍ය සංචාරය අතරතුර දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම් 15ක් හුවමාරු විය.
ඩොලර් බිලියන 3.7 ක වටිනාකමකින් යුත් හම්බන්තොට ඉන්ධන පිරිපහදුවක් සදහා අත්සන් තැබීමද එහිදී සිදුවූ අතර එය මෙතෙක් මෙරටට ලැබුණු ඉහලම තනි විදෙස් ආයෝජනයයි.
චීනයේ ප්රමුඛ පෙළේ රාජ්‍ය ව්‍යවසායකයින් ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන ගෙන ඒමට සහ පවතින ආයෝජන ව්‍යාපෘති පුළුල් කිරීමට තම කැමැත්ත පළ කර ඇත.
චීන සමාගම් බලශක්තිය වාහන නිෂ්පාදනය සහ ඉදිකිරීම් වැනි විවිධ ක්ෂේත්රවල ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් තරම් වටිනා ආයෝජන ශ්‍රී ලංකාවට ගෙන ඒමට සූදානමින් සිටී.
lanka c news