සිසුවිය අපයෝජනය කළ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් රිමාන්ඩ්
16 හැවිරිදි සිසුවියක් අපයෝජනය කළ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් විදේශ ගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදි අත්අඩංගුවට ගෙන මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු (24 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මොරටුව වැඩබලන මහේස්ත්‍රාත් නිමාලි මන්ත්‍රීනායක අද (18) නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ්’ කරනු ලැබුවේ මොරටුව කල්දමුල්ල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි දෙදෙරු මවක් වේ.
මෙවැනි පහත් මානසිකත්වයකින් පෙලෙන ගුරුවර ගුරුවරියන් අතින් දරුවන් දිගින් දිගටම අපයෝජනය වන සිද්ධීන් වාර්තා වන බවත් මේ සම්බධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබු පොලිස් සැරයන් මහේස්ත්‍රාත්වරිය හමුවේ පැවසිය.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිසුවිය සිය දෙමව්පියන් සමග ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය වෙත පැමිණ පැමිණිලිකර තිබේ.
මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් මින් පෙර ( 7 වැනිදා ) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලා ගොස් සිටි එම ගුරුවරිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කර , එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයේදී ඉදිරිපත් කිරීමටත්, ඇයගේ විදේශ ගමන් තහනම් කර ඒ පිළිබඳව ආගමන විගමන පාලක වෙත දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩ එදින නියම කර තිබුණි.
කෙසේ හෝ එම ගුරුවරිය විදේශ ගතව සිට ඇති අතර නැවත (17 වැනිදා) පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සදහා බන්ධනාගාරගත කිරිමට නියම වු බව කොළඹ පොලිස් ළමා හා කාන්තාඅපයෝජන නිවාරණ කාර්යංශයේ නිලධාරීයෙකු පැවසීය.
කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ගුරුවරියක් ආගම ඉගැන්වීමට යැයි පවසමින් මොරටුව කල්දමුල්ලේ තම නිවසේ පැවැත්වෙන අමතර පන්තියකට අදාළ සිසුවියව ගෙන්වා ගෙන විවිධ වීඩියෝ පට පෙන්වා, බරපතල අයුරින් අපයෝජනයට ලක් කර ඇතැයි පොලීසිය අධිකරණයට කරුණු වර්තා කර තිබුණි.
aruna