සැප ජීප් රියක් ඔයට පෙරළි කුඩුපට්ටම් ජීවිත තුනක් අහිමි වෙයි.
මහනුවර පන්විල, බැද්දේගම ප්රදේශයේදී ලෑන්ඩ්කෲසර් ප්රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී රථයක් මාර්ගයෙන් ඉවතට පැන පහල මොරගහ ඔයට පෙරලීයෑමෙන් අද(19) සිදුවු අනතුරකින් එහි ගමන් කල කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ අයෙකු රෝහල් ගත කෙරුනා.
ජීවිතක්ෂයට පත්වූ දෙදෙනාම වයස අවුරුදු 60 ඉක්මවූවන් වන අතර, අනතුරින් 68 හැවිරිදි පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.