සංචාරක හෝටලයක ගින්නකින් 66 ක් ම රුට
තුර්කියේ ඉස්තාන්බූල් නගරයෙන් කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිරින් පිහිටි බොලු පළාතේ කොරොග්ලු කඳුකරයේ කර්තල්කායා ප්‍රදේශයේ ග්‍රෑන්ඩ් කර්තල් හෝටලයේ ඇති වූ භයානක ගින්නෙන් පුද්ගලයින් 66 දෙනෙකු මියගොස් තවත් 51 දෙනෙකු තුවාල ලැබූ බව තුර්කි අභ්‍යන්තර අමාත්‍ය අලී යෙර්ලිකායා මහතා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේය.
මහල් 12කින් යුත්, කාමර 161ක් සහිත මෙම සුඛෝපභෝගී හෝටලයේ සිද්ධිය වන විට සංචාරකයින් 234 දෙනෙකු රැඳී සිටි බව බොලු පළාතේ ආණ්ඩුකාර අබ්දුලාසිස් අයිඩින් මහතා රාජ්‍ය අනදොලු පුවත් සේවයට පැවසීය. ගින්නෙන් ගැලවීමට උත්සාහ කරමින් ගොඩනැගිල්ලෙන් පැන දැමූ අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු එම ක්‍රියාවෙන්ම මියගොස් ඇති බව ඔහු තහවුරු කළේය.
2025 ජනවාරි 21 වන අද පෙරවරු 3.30ට පමණ හෝටලයේ අවන්හලේ සිට ආරම්භ වූ මෙම ගින්නෙන් 66 ක් මිය ගොස් 51 ක් පමණ තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බවද වාර්තාවේ. තවත් 17 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වාර්තා කළේය.
තෙවන මහලේ නැවතී සිටි අතකන් යෙල්කොවන් නැමැති සංචාරකයා IHA පුවත් සේවයට පැවසූ අන්දමට, ඔහුගේ බිරිඳට පිලිස්සීමේ සුවඳක් දැනුනද හෝටලයේ ගිනි ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී නොමැත. “අපි ඉහළට යන්න උත්සාහ කළත් ගින්න නිසා බැරි වුණා. ඊට පස්සේ පහළට ඇවිත් පිටතට ආවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. ගිනි නිවන රථ පැමිණීමට පැයක පමණ කාලයක් ගත වූ බවද ඔහු සඳහන් කළේය.
“ඉහළ මහල්වල හිටපු මිනිස්සු කෑ ගැහුවා. සමහරු ඇඳ ඇතිරිලි එල්ලලා බහින්න හැදුවා… සමහරු පනින්න උත්සාහ කළා,” යැයි යෙල්කොවන් මහතා වැඩිදුරටත් පැවසීය.
ගින්න ඇති වූ අවස්ථාවේ නිදා සිටි ස්කී උපදේශක නෙක්මි කෙප්සෙතුතන් සංචාරකයින් 20 දෙනෙකු පමණ ගලවා ගැනීමට සමත් වී ඇත. කෙසේ වෙතත් දුමෙන් පිරී තිබූ හෝටලය තුළ සිටි තම සමහර සිසුන් වෙත ළඟා වීමට නොහැකි වූ බව ඔහු පිළිගත්තේය. “ඔවුන් සුරක්ෂිත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු පැවසීය.
ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය නිවේදනය කළ පරිදි ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 30ක් සහ ගිතුර්කියේ ඉස්තාන්බූල් නගරයෙන් කිලෝමීටර් 300ක් පමණ නැගෙනහිරින් පිහිටි බොලු පළාතේ කොරොග්ලු කඳුකරයේ කර්තල්කායා ප්‍රදේශයේ ග්‍රෑන්ඩ් කර්තල් හෝටලයේ ඇති වූ භයානක ගින්නෙන් පුද්ගලයින් 66 දෙනෙකු මියගොස් තවත් 51 දෙනෙකු තුවාල ලැබූ බව තුර්කි අභ්‍යන්තර අමාත්‍ය අලී යෙර්ලිකායා මහතා නිල වශයෙන් ප්‍රකාශ කර සිටියේය.
මහල් 12කින් යුත්, කාමර 161ක් සහිත මෙම සුඛෝපභෝගී හෝටලයේ සිද්ධිය වන විට සංචාරකයින් 234 දෙනෙකු රැඳී සිටි බව බොලු පළාතේ ආණ්ඩුකාර අබ්දුලාසිස් අයිඩින් මහතා රාජ්‍ය අනදොලු පුවත් සේවයට පැවසීය. ගින්නෙන් ගැලවීමට උත්සාහ කරමින් ගොඩනැගිල්ලෙන් පැන දැමූ අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු එම ක්‍රියාවෙන්ම මියගොස් ඇති බව ඔහු තහවුරු කළේය.
2025 ජනවාරි 21 වන අද පෙරවරු 3.30ට පමණ හෝටලයේ අවන්හලේ සිට ආරම්භ වූ මෙම ගින්නෙන් 66 ක් මිය ගොස් 51 ක් පමණ තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බවද වාර්තාවේ. තවත් 17 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වාර්තා කළේය.
තෙවන මහලේ නැවතී සිටි අතකන් යෙල්කොවන් නැමැති සංචාරකයා IHA පුවත් සේවයට පැවසූ අන්දමට, ඔහුගේ බිරිඳට පිලිස්සීමේ සුවඳක් දැනුනද හෝටලයේ ගිනි ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී නොමැත. “අපි ඉහළට යන්න උත්සාහ කළත් ගින්න නිසා බැරි වුණා. ඊට පස්සේ පහළට ඇවිත් පිටතට ආවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය. ගිනි නිවන රථ පැමිණීමට පැයක පමණ කාලයක් ගත වූ බවද ඔහු සඳහන් කළේය.
“ඉහළ මහල්වල හිටපු මිනිස්සු කෑ ගැහුවා. සමහරු ඇඳ ඇතිරිලි එල්ලලා බහින්න හැදුවා… සමහරු පනින්න උත්සාහ කළා,” යැයි යෙල්කොවන් මහතා වැඩිදුරටත් පැවසීය.
ගින්න ඇති වූ අවස්ථාවේ නිදා සිටි ස්කී උපදේශක නෙක්මි කෙප්සෙතුතන් සංචාරකයින් 20 දෙනෙකු පමණ ගලවා ගැනීමට සමත් වී ඇත. කෙසේ වෙතත් දුමෙන් පිරී තිබූ හෝටලය තුළ සිටි තම සමහර සිසුන් වෙත ළඟා වීමට නොහැකි වූ බව ඔහු පිළිගත්තේය. “ඔවුන් සුරක්ෂිත වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා,” යැයි ඔහු පැවසීය.
ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය නිවේදනය කළ පරිදි ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 30ක් සහ ගිලන් රථ 28ක් යොදවා ඇත. ආරක්ෂිත හේතූන් මත නිවාඩු නිකේතනයේ අනෙකුත් හෝටල්වල සංචාරකයින් ද බොලු ප්‍රදේශයේ වෙනත් හෝටල් වෙත මාරු කර ඇත.
රජය විසින් පත් කරන ලද නීතිපතිවරුන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගින්න ඇති වූ ආකාරය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජර්මානියේ NTV රූපවාහිනී නාලිකාව වාර්තා කළේ හෝටලයේ බාහිර ආවරණය සඳහා යොදා ඇති දැව ඇතිරුම ගින්න වේගයෙන් පැතිරීමට හේතු වී ඇති බවත්, බෑවුමක පිහිටා තිබීම හේතුවෙන් ගින්න නිවීමේ කටයුතු අපහසු වී ඇති බවත්ය.
සංචාරක අමාත්‍ය මෙහ්මෙට් නුරි එර්සොය් මහතා මාධ්‍ය වෙත පැවසූ පරිදි ග්‍රෑන්ඩ් කර්තල් හෝටලය පසුගිය වසරේ ගිනි ආරක්ෂණ පරීක්ෂණයකින් සමත්ව තිබේ.
තුර්කි ජනාධිපති රෙජෙප් තයිප් එර්දොගන් මහතා සිදුවූ දේ සොයා බැලීමට සහ වගකිව යුත්තන් වගවීමට ලක් කිරීමට “අවශ්‍ය සියලු පියවර” ගන්නා බවට ප්‍රතිඥා දී තිබේ.
පුවත්පත් වාර්තා අනුව හෝටලයේ සමහර අමුත්තන් තමන්ගේ කාමරවල ඇඳ ඇතිරිලි එකට ගැට ගසා එල්ලා බැසීමට උත්සාහ කර ඇත. දැඩි දුම් ගතිය හේතුවෙන් හදිසි පිටවීමේ මගට යාමට නොහැකි වූ බව එක් සාක්ෂිකරුවෙක් හුරියත් පුවත්පතට පවසා ඇත.
හයවන මහලේ නැවතී සිටි එක් කාන්තාවක් තුර්කි රූපවාහිනියට පවසා ඇත්තේ ඇයට හදිසියේ උදව් ඉල්ලන හඬවල් ඇසුණු බවත්, දුම හේතුවෙන් දොර සහ ගිනි පඩිපෙළ සොයා ගැනීමට නොහැකි වූ බවත්ය. ඇගේ සැමියා ජනේලයෙන් පැන ඇති බව ඇය පැවසුවාය.ලන් රථ 28ක් යොදවා ඇත. ආරක්ෂිත හේතූන් මත නිවාඩු නිකේතනයේ අනෙකුත් හෝටල්වල සංචාරකයින් ද බොලු ප්‍රදේශයේ වෙනත් හෝටල් වෙත මාරු කර ඇත.
රජය විසින් පත් කරන ලද නීතිපතිවරුන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගින්න ඇති වූ ආකාරය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇත.
ජර්මානියේ NTV රූපවාහිනී නාලිකාව වාර්තා කළේ හෝටලයේ බාහිර ආවරණය සඳහා යොදා ඇති දැව ඇතිරුම ගින්න වේගයෙන් පැතිරීමට හේතු වී ඇති බවත්, බෑවුමක පිහිටා තිබීම හේතුවෙන් ගින්න නිවීමේ කටයුතු අපහසු වී ඇති බවත්ය.
සංචාරක අමාත්‍ය මෙහ්මෙට් නුරි එර්සොය් මහතා මාධ්‍ය වෙත පැවසූ පරිදි ග්‍රෑන්ඩ් කර්තල් හෝටලය පසුගිය වසරේ ගිනි ආරක්ෂණ පරීක්ෂණයකින් සමත්ව තිබේ.
තුර්කි ජනාධිපති රෙජෙප් තයිප් එර්දොගන් මහතා සිදුවූ දේ සොයා බැලීමට සහ වගකිව යුත්තන් වගවීමට ලක් කිරීමට “අවශ්‍ය සියලු පියවර” ගන්නා බවට ප්‍රතිඥා දී තිබේ.
පුවත්පත් වාර්තා අනුව හෝටලයේ සමහර අමුත්තන් තමන්ගේ කාමරවල ඇඳ ඇතිරිලි එකට ගැට ගසා එල්ලා බැසීමට උත්සාහ කර ඇත. දැඩි දුම් ගතිය හේතුවෙන් හදිසි පිටවීමේ මගට යාමට නොහැකි වූ බව එක් සාක්ෂිකරුවෙක් හුරියත් පුවත්පතට පවසා ඇත.
හයවන මහලේ නැවතී සිටි එක් කාන්තාවක් තුර්කි රූපවාහිනියට පවසා ඇත්තේ ඇයට හදිසියේ උදව් ඉල්ලන හඬවල් ඇසුණු බවත්, දුම හේතුවෙන් දොර සහ ගිනි පඩිපෙළ සොයා ගැනීමට නොහැකි වූ බවත්ය. ඇගේ සැමියා ජනේලයෙන් පැන ඇති බව ඇය පැවසුවාය.
gossip lanka news